කංසා පැළ 700ක් සමඟ පුද්ගලයෙකු එස්ටීඑෆ් දැලේ


(ඩී.කේ.රත්න)
 
තණමල්විල වැලිආර කිරිවැව ප‍්‍රදේශයේ කෙසෙල් වගා කරන මුවාවෙන් කංසා වගා කළ පුද්ගලයෙකු  පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(07) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගෙනඇත්තේ තණමල්විල වැලිආර කිරිවැව ප‍්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
 
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වැලිආර කිරිවැව ප‍්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
 
අක්කර භාගයක ඉඩමක වැවූ කංසා පැළ 700ක් එම නිලධාරීන් බාරයට ගෙන තිබේ.
 
සැකකරු සහ කංසා පැළ වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තණමල්විල පොලීසියට බාරදී තිබේ.