ඔරුගල්සෑය පුරාණ රජමහා විහාරාධිපතිහිමියෝ අපවත් වෙති


(කුෂාන් ජයවර්ධන)

කලාගම් පළාතේ විශේෂ සමථ බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක හා කැකිරාව ඔරුගල්සෑය පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය කොක්මඩුවේ ශ්‍රී රතනජෝත්‍යාභිධාන නායක ස්වාමීන් වහන්සේ  අපවත්වූහ.
 
කලක් රෝගාතුරව වැඩ විසූ උන්වහන්සේ  ඊයේ (2) අපවත්වන විට 79 වැනි වියහි පසු වූහ
 
දායකකාරකාදීන්ගේ අවසන් ගෞරව දැක්වීම සදහා උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වනවිට මලව ඔරුගල්සෑය විහාරස්ථ ධර්ම ශාලාවේ තැන්පත් කොට තිබේ.
 
ආගමික වතාවත්වලින් අනතුරුව උන්වහන්සේගේ ආදාහන ජූජෝත්සවය ජූනි 04 වැනි බ්‍රහස්පතින්දා සවස 2.00ට කැකිරාව මහජන ක්‍රීඩාංගනයේදි සිදුකිරීමට නියමිතව තිබේ.