(බී .ජී. චතුරංග)
පහරදීමකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම මිහින්තලය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රමාද කරන බව පවසමින් පිරිසක් අද (30) ඒ 9 මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවූහ.
මිහින්තලේ නගරයේ වෙළඳසැල් වසා දමා ටයර් පුළුස්සා දමමින් මිහින්තලය පොලීසිය ඉදිරිපිට මෙම පිරිස උද්ඝෝෂණයේ නිරතවූහ.
ඊයේ (29) මහා සභා රැස්වීම පැවති අවස්ථාවේදී මිහින්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපාලි ආනන්ද මහතාට එම සභාවේම මන්ත්‍රී පිරිසක් පහරදී බරපතල තුවාල සිදු කර මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් සැකකාර මන්ත්‍රීවරුන් නිදැල්ලේ සිටියදී මිහින්තලය පොලිසිය එම සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා බවත් මෙහිදී උද්ඝෝෂකයෝ පැවසූහ.
පහරකෑමට ලක්ව ප්‍රතිකාර ලබන මන්ත්‍රීවරයාගේ බිරිඳ හා දරුවන් ඇතුළු මිහින්තලය ජනතාව සහභාගී වූ මෙම උද්ඝෝෂණයට මිහින්තලා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් ද වැඩම කළහ.
පැය තුනකට ආසන්න කාලයක් එම උද්ඝෝෂණය පැවති අතර පොලිස් ස්ථානාධිපති කේ. ඒ. ඩී ප්‍රසාද් සිරිවර්ධන මහතා එම ස්ථානයට පැමිණ උද්ඝෝෂකයන් හමුවී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති බව පැවසීමෙන් අනතුරුව එම පිරිස උද්ඝෝෂකය නවත්වා විසිර ගියහ.