(ප්‍රසන්න පත්මසිරි)
ඌව පළාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා අද(07) එම කාර්යාලයේදී වැඩ බාරගත්තේය.
ඌව පළාත් සභාවේ සභානායකවරයා වශයෙන් කටයුතු කළ සුදර්ශන දෙනිපිටිය මහතා බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරයා ද වේ.
එම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල, සෞඛ්‍ය ලේකම් අනිල් විජේසිරි, මාර්ග ලේකම් අබේසිංහ හදවලපිටිය, ක්‍රීඩා ලේකම් ආර්.එම්. රත්නායක මහතා, අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.


