උමාඔයෙන් බැට කෑ ජනතාවට වතුර බෙදූ බවුසර් රියදුරන් වැඩවර්ජනයක


(ඩී.කේ.රත්න)

උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පානීය ජලය අහිමි වූ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය බෙදා හරින ජල බවුසර් සහ ට්‍රැක්ටර් රථ රියදුරන් අද (10) වැඩ වර්ජනයක නිරත වූහ.

මෙම බවුසර් සහ ට‍්‍රැක්ටර් රථ සඳහා උමාඔය ව්‍යාපෘතිය මගින් මාසිකව  ලබාදීමට නියමිත මුදල් මාස පහක පමණ කාලයක සිට ලබා නොදීම හේතුවෙන් මෙම ට්‍රැක්ටර් සහ බවුසර් හිමිකරුවන් ජලය බෙදාහැරීමෙන් ඉවත් වී මෙසේ වැඩවර්ජනයක නිරත වී තිබේ.

මෙම බවුසර් සහ ට්‍රැක්ටර් රථ ජලය බෙදා හැරීමෙන් ඉවත් වී වැඩ වර්ජනයක නිරතවීම බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගම්මාන රැසක පවුල් 1500 ක පමණ පිරිසක් පානීය ජලය අහිමිවීමෙන් දැඩි අපහසුතාවයකට පත්වී සිටිති.