උඩවලව ඇත් අතුරු සෙවණ හෙට සිට විවෘත කරයි


( ලසන්ත නිරෝෂණ පෙරේරා    )

කොරොනා වසංගත තත්ත්වය නිසා මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබුණු උඩවලව ඇත් අතුරු සෙවණ සංචාරකයින් සදහා    (හෙට ) 22 වනදා සිට විවෘත කිරිමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ . 

මහජන සෞඛ්‍ය නීති අනුව  සංචාරකයින්ට අලි පැටවුන් නැරබ්මේ හැකියාව නැරඹුම් කුටියේ සිට ලබාදෙන බව උඩවලව ඇත් අතුරු සෙවණ කාර්‍යාලය පවසයි .                   
උඩවලව ජාතික වනෝද්‍යානය ද ඉකුත් 15 වනදා සිට ව්වෘත කර තිබේ .

සංචාරක වාහන 150 ක් පමණ දිනකට වනඋද්‍යානය තුළට ඇතුළත් කර ගැනිමට වනජිව් සංරක්ෂණ දේපාර්තමේන්තුව උපදෙස් ලබාදි තිබේ .                                                     
උඩවලව ජාතික වනෝද්‍යානය ව්වෘත කර ගතවු දින පහක කාලයේදී සැලකියයුතු දේශිය සංචාරකයින් පිරිසක් වනඋද්‍යානය නැරඹීමට පැමිණ තිබේ .   
                                                  
විදෙස් සංචාරකයින්ට මෙරටට පැමිණිමට අවසර ලැබුණු පසු උඩවලව වනෝද්‍යානය සහ ඇත් අතුරු සෙවණ නැරඹීමට සුපුරුදු ලෙස සංචාරකයින් එනු ඇතැයි   උඩවලව සංචාරක කර්මාන්තයේ යෙදෙන අයගේ විශ්වාසයයි.