ඉසෙඩ් ඩී ඇලේ ගිලී දරුවෙක් මරුට


(ක.ග. කරුණාරත්න)

මාදුරුඔය ජලාශයේ සිට දිවෙන ප‍්‍රධාන වාරි ඇල වන ඉසෙඩ් ඩී ඇලට තම ආච්චි අම්මා සමඟ දිය නෑමට ගිය හත් හැවිරිදි පිරිමි දරුවෙකු අද (02) සවස දියේ ගිලී මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.

ඒ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අරලගංවිල අලූත්වැව නෙලූම්වැව අංක 236 ලිපිනයේ පදිංචිව සිටි ඞී.ජී. මතීෂ මනෝජ් නමැති හත් හැවිරිදි පිරිමි දරුවෙකි.

මේ දරුවාගේ මව දැනට විදේශ ගතව රැකියාවක නිරතව සිටින බවත් පියා දිනපතා රැකියා කටයුතු සඳහා නිවසින් බැහැරව යන නිසා දරුවා රැකබලා ගනු ලබන්නේ ඔහුගේ ආච්චි අම්මා විසින් බවද පොලීසිය කළ විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.