(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ඉමදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.ජී.අරුණ මහතා එළවළු මාලයක් පැළඳ ඉමදූව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට පැමිණීමෙන් අද (21) සභාවේ ගාලගෝට්ටියක් ඇතිවිය.
රටේ එළවළු, පොල්, පැනඩෝල්වලට පවා මිල ඉහළ ගොස් ඇතැයි පවසමින් කැරට්, රතුලුණූ, පොල්, පැනඩෝල්, සීඩී තැටි යනාදියෙන් සකස් කළ එළවළු මාලයක් පැළඳ මන්ත්‍රීවරයා සභාවට පැමිණ සිටියේය.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සීඩි හඬ පටවලට යටවී මෙම මිල වැඩිවිම් ගැන කථා නොකරන බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අමරසේන පි.ලියනපතිරණ මහතා අරුණ මන්ත්‍රීවරයාගේ අතේ තිබූ එම මාලය සහ ගහල ගහ උදුරාගෙන සභා ගැබෙන් පිටතට විසිකිරීමට කටයුතු කළේය.



