(ඔගස්ටින් ප්‍රනාන්දු)
ඈත දියඹේ පාවෙමින් පැමිණි සැකකටයුතු ධීවර යාත්‍රාවක් හලාවත ඉරණවිල ධිවරයින් පිරිසක් විසින් අද ( 2දා ) ඉරණවිල වෙරළට රැගෙනවිත් ඇති බව හලාවත පොලිසිය කියයි.
මෙම යාත්‍රාව අඩි 21ක් පමණ දිග අඩි හයහමාරක් පළල විය හැකි වන අතර මලයාලම් අක්ෂර වලින් ලියු වැකි ඇති බවත් එරට ධීවරයින් විසින් මසුන් මැරිමට භාවිත කරණ මෙම යාත්‍රව මේ දිනවල බලපාන වැසි සහිත කාලගුණික තත්ත්වය මත ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත වෙරළේ සිට මෙරටට ගසා ගෙන විත් ඉරණවිල මුහුදෙහි ගොඩ බිම සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරින් රැදි තිබිය දි මසුන් මැරීමට ගිය ඉරණවිල ධීවරයින් විසින් ප්‍රථමයෙන් දැක පසුව එය ලණු යොදා ගොඩබිම කරා රැගෙනවිත් වෙරළේ රදවා පොලිසියට දැනුම් දි ඇති බවත් කියයි.
මෙම යත්‍රාවෙහි පිටත සවි කරන එංජින් දෙකක් සවි කළ හැකි බවත් එම එංජින් මෙහි තිබි නැති බවත් කියයි.
හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරයි.