ඇල්ලේ කසළ දෙමෝදරට බැහැර කරනවාට විරෝධයක්


(ඩී.කේ.රත්න)
 
ඇල්ල ප්‍රාදේශීය සභාව මගින් එක්රැස් කරන කසළ දෙමෝදර දරගලපතන අතහැර දැමූ ගල්වලකට ගෙනත් දැමීමේ සූදානමක් ඇති බව පවසමින් ඊට විරෝධය දක්වා ප්‍රදේශවාසීහු අද(21) උද්ඝෝෂණයක නිරත වූහ.
 
ප‍්‍රාදේශීය සභාව මේ වන විට ඇල්ල පර්චස් 10ක ඉඩමකට කසළ බැහැර කරන නමුත් එම ස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම ස්ථානයට කසළ බැහැර කිරීමට සැලසුම් කර තිබේ.
 
දරගලපතන ප‍්‍රදේශයේ ගල්වල පහළ කොටසේ දෙමෝදර ගුරු ගම්මානයට සහ දරගලපතන ප‍්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබා ගන්නා දිය උල්පතක්ද පිහිටා ඇති බවද, කසළ බැහැර කළහොත්  විශාල පාරිසරික ගැටලුවක් ඇතිවන බවද ඔවුහු පැවසූහ.