ඇල්ල ප‍්‍රා. සබේ අර්බුදයක්


(ඩී.කේ.රත්න)

ඇල්ල ප‍්‍රාදේශීය සභාවට ලැබිය යුතු රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න මුදලක් වසර දෙක හමාරක කාලයක් තුළ ඌව පළාත් සභාව මගින් ඇල්ල ප‍්‍රාදේශීය සභාවට නොගෙවීම නිසා මේ වන විට ඇල්ල ප‍්‍රාදේශීය සභාව දැඩි මුදල් අර්බුදයකට පත්වී ඇතයි ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති බී.එම්.උදයජීව බංඩාර මහතා අද (22) ඇල්ල ප‍්‍රාදේශීය සභාවේදී පැවසීය.

මෙම තත්වය මත මේ වන විට ඇල්ල ප‍්‍රාදේශීය සභාව මගින් සිදු කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සදහා මුදල වෙන් කිරීමට නොහැකි වන අතර ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු අනියම් සේවකයින් සදහා වැටුප් ගෙවීමද දැඩි අර්බුදයකට පත්වී තිබේ.

මුද්දර සහ දඩ මුදල් වශයෙන් ඇල්ල ප‍්‍රාදේශීය සභාවට ලැබිය යුතු මෙම මුදල ඌව පළාත් සභාව මගින් වසර දෙක හමාරක කාලයක් තුළ මෙසේ නොගෙවීම නිසා ඇල්ල ප‍්‍රාදේශීය සභාව මෙම මූල්‍ය අර්බුදයට ලක්වී තිබේ.