(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16)පෙරවරුවේ ආරම්භ වීමත් සමගම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයක් සභාපතිවරයාට විරෝධය පළකළේය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ එම මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුළත් වී නැතැයි ඊට විරෝධය පළකරමින් එම යෝජනාව යළි න්‍යාය පත්‍රයට ඇතුලත් කරන තෙක් සභාවේ මේසය මත වාඩිවී මෙසේ විරෝධය පළකලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.ඩී.සුමිත් මහතාය.
විනාඩි තිහකට ආසන්න කාලයක් මන්ත්‍රීවරයා මේසය මත වාඩිවී මෙසේ විරෝධය පලකළ අතර සභාවේ සිටි අනෙක් මන්ත්‍රීවරු ද එම මන්ත්‍රීවරයාට සහයෝගය දෙමින් කතා කළහ.
පසුව සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් එම යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමෙන් පසු සුමිත් මන්ත්‍රීවරයා මේසය මතින් බැස අසුනේ හිඳ ගැනීමෙන් පසු සභාව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලැබීය.