(රංජිත් රාජපක්ෂ)
ඇදිරි නිතිය පනවා තිබියදි අද (25) දින අලුයම වෙලදසැල් දෙකක් බිද එම වෙලදසැල් වල තිබු මුදල් , දුම්වැටි සහ භාණ්ඩ සොරාගෙන ඇති බව දිඹුල පොලිසිය පැවසිය.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම මංසන්ධියේ පිහිටි ආහාර ද්‍රව්‍යය අලෙවි කරන වෙලදසැලක් සහ පරිඝණක මුද්‍රණාලයක් කඩා ඇති බව පොලිසිය පැවසුවේය.
වෙලදසැල්වල ඉදිරිපස දෙරගුළු කඩා සැකකරුවන් වෙලදසැල් තුලට ඇතුල් වි භාණ්ඩ , මුදල් , දුම්වැටි සොරාගෙන ගොස් ඇත.
එම වෙලදසැල්වල ආරක්ෂිත කැමරා පද්ධති සවි කර තිබුණද එම කැමරා පද්ධති වලින් ලබා ගන්නා දර්ශන කැමරා පද්ධතියේ දත්ත ගබඩාවේ පටිගත වි නොමැති බවයි පොලිසිය පැවසුවේ.
සොරුන් විසින් කඩන ලද වෙලදසැල ආසන්නයේ පිහිටි අනෙකුත් වෙලදසැල් වල සවි කර තිබෙන ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.