සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
බලන්ගොඩ රජවක රක්ෂිතයේ ලියන්ගිරිය කොටසේ අද (03) දා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන දිනයේ අනවසරයෙන් පතල් කපා මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා පැවැසිය.
රජවක ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙි.
රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු විි රක්ෂිතයට හාන කරමින් පතල් කැපිම යන චෝදනා යටතේ මොහුට එරෙහිව නඩු පවරා ලබන (06) වැනිදා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව විජයන්ත උපුල් මහතා වැඩිදුරටත් සදහන් කලේය.
ඇඳිරි නීතිය අස්සේ රජවක රක්ෂිතයේ මැණික් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Recommended Articles