(තුසිත කුමාර ද සිල්වා)
ඇදිරිනීතිය හා නිරෝදායනය නීති උල්ලංඝනය කරමින් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත් කරල් 1360ක් යතුරුපැදි දෙකක සගවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද (05) අලුයම බේරුවල අඹේපිටිය පාලම අසල කළ පරීක්ෂාවකදී බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි.
බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ .
මෙම මත් කරල් රැගෙන ගිය පුද්ගලයන් අතර වූ ප්‍රධාන සැකකරු ඖෂධ නිළධාරියෙකු බවත් සෙසු සැකකරුවන් දෙදෙනා මත් ද්‍රව්‍ය පානයට කරන්නන්ට මත් පෙති අලෙවි ජාවාරම සිදු කරන පුද්ගලයන් බව පොලිසිය හදුනා ගෙන තිබේ සැකකරුවන් කංකානම්ගොඩ, ඇලදූව සහ රේගුව පාර බේරුවල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24 හා 32 යන වයස්වල අය බව කියයි.
මෙම මත් කරලක් , මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට රුපියල් 200 බැගින් අලෙවි කරන බව සැකකරුවන් පොලීසියට පවසා ඇති අතර එම මත් කරල් වල වල වටිනාකම රුපියල් ලක්ශ 3කට ආසන්න බව කියයි.සැකකරුවන් මත් කරල් ප්‍රවාහනය කළ යතුරුපැදි දෙක හා ඔවුන්ගේ ජංගම දුරකථන තුන පොලිස් භාරයට ගෙන තිබේ .
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න ,කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස ,බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර යන මහත්වරුන්ගෙන් උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කසුන් පතිරණ ,පොලිස් කොස්තාපල්වරුන් වන ශ්‍යාමින්(90336), මදුරංග (92505) යන මහත්වරු සැකකරුවන් සමග මත් කරල් තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත .