අළුගොල්ල රක්ෂිතයේ ගින්නක්


ප්‍රසන්න පත්මසිරි සහ විජේරත්න රත්නායක 

                                    
බදුල්ල නගරයට ආසන්නව ඇති අළුගොල්ල රක්ෂිත කන්දේ වෙඩිබෙහෙත් ගබඩාව අසල අද (3) ඇතිවු
ගින්න නිවා දැමීමට හැකි වු බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක උදයකුමාර මහතා 
පැවසීය.


රක්ෂිත කන්දේ හටගත් ගින්නෙන් වනයේ අක්කර 20ක් පමණ දැවීගොස් සුළඟත් සමඟ ගින්න වෙඩි බෙහෙත් ගබඩාවට පැතිර යමින් තිබියදී බදුල්ල මහ නගර සභාවේ ගිනිනිවණ ඒකකය,දියතලාව යුද හමුදාව,වන අඩවි නිළධාරීන්,සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් එක්ව ගින්න නිවා දැමීය.

ප්‍රදේශයට පවතින දැඩි සුළඟත් සමඟ ගින්න සීඝ්‍ර ලෙස පැතිර යන බවත් වනයේ පැතිර යන ගින්න නිවා දැමීම අසීරු බවත් උදයකුමාර මහතා පැවසීය.

ප්‍රදේශයේම ජනතාව විනෝදයට,වන සතුන් දඩයමට වසරක් පාසා මෙම වනයට ගිනි තබන බව ප්‍රදේශවාසීන් කියයි.