( ශිරාන් රණසිංහ)
සෝමාවතී ජාතික වනෝද්‍යානයේ සිටි අලි හත් දෙනකු මඩේ එරී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් සිදු කරන බව වනජීවී හා තිරසාර සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
මෙම අලි හත් දෙනා මඩේ එරී සිටියදී එහි අඩි 15 ක පමණ ගැඹුරට ජලය පිරී තිබු බව කළ මුලික පරීක්ෂණවලදි හෙළි වී ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.
ගොඩගනු ලැබු අලි හත් දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වලට අමතරව සතුන් මිය ගිය ආකාරය පිළිබඳව සෙවීම ඉතා වැදගත් යැයිද යළිත් මෙවැනි සිදුවීම් නොවන පරිදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළාය.