අනුරාධපුර ප්‍රභූන් විහින් ලෙඩක් දාගෙන


අනුරාධපුර ඒක්සත් වෙළෙඳ සංගමයේ සංවත්සරයට හා භෝජන සංග්‍රාහට සහභාගී වු ප්‍රභූන් ඇතුළු සියලු දෙනාට පී.සී.අර් පරීක්ෂණයට පියවර ගන්නැයි  අනුරාධපුර  වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.

ඒම උත්සවයට සහභාගි වූ  ඒක්සත් වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු ක්‍රියාකාරින්  තුන් දෙනකු හා පවුල්වල සාමාජිකයන්  තිදෙනෙක් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විම නිසා මෙම දැනුම් දීම කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් මැති ඇමැතිවරු ඇතුළු ප්‍රභූන් රැසක් මෙම උත්සයට සහභාගි වී ඇත.