(ශාන්ත චන්ද්‍රසිරි)
අනියම් පෙමක් මුල්කර ගනිමින් පුද්ගලයකු යකඩ පොලුවලින් පහරදී ඝාතනය කර ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේ මාර්ගය අසලදී මෙම ඝාතනය සිදුකර ඇත.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ජී. සචින් සසේන්ද්‍ර (43) නැමැත්තෙකි.
මියගිය පුද්ගලයා ඩෙස්පෝඩ් වත්තේ වතු කම්කරු කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක් කලක සිට පවත්වාගෙන පැමිණ ඇති ලබන බවත්, ඊට උරණව සිටි ඇගේ විවාහක සැමියා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වු ස්ථානයට අද (20) පැමිණ සිදු කරන ලද ස්ථානීය පරීක්ෂණයෙන් පසුව මළ සිරුරු අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට නියමිතය.සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

