(පද්මා කුමාරී කංකානම්ගේ )
කොරෝනා නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කරමින්,කාලයක් තිස්සේ කල්පිටියේ කන්ද කුඩාව ප්‍රදේශයේ, රාත්‍රී කාලය පුරා සිදු කළ අනවසර වැළි කැනීම සහ ප්‍රවාහනය ජාවාරමක සුල මුළ 21 මධ්‍යම රාත්‍රියේ සිට,පසු අද (22) පහන් වනතුරු සිදු කළ හදිසි වැටලීමකින් අනාවරනය කර ගන්නට පුත්තලම විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට හැකි විය.
මෙම වැටලීමෙන් වැළි පටවා තිබූ එක් ටිපර් රථයක් රථයක් සහ එක් සැක කරුවෙකු අත් අඩංගුවට පත් විය.
වැළි කැණීමේ නිරතව සිටි පිරිස සහ වැළි පටවා ගෙන යාමට පැම්ණි ලොරියක රියදුරු ද හිස් ලූ ලූ අත දිව ගොස් සැගව තිබිණි.
පසු ගිය දෙමසකට වැඩි කාලයක් පනවා තිබුණු සම්මට්ටඇදිරි නීතිය ආශිර්වාදයක් කර ගනිමින් කල්පිටිය අර්ධ දීපය පුරා ජයටම වැළි ජාවාරම සිදු වූ බවට කල්පිටිය ජනතාව චෝදනා කරයි.
මුසල් පිටිය,කන්ද කුඩාව,සම්මට්ටි වාඩිය,ඒත්තාල ආදී ප්‍රදේශවල මෙම වැළි ජාවරම ජයට කෙරෙන බවට ජනතාව පවසන අතර ඇදිරි නීතිය තිබිය දීම කල්පිටියේ ප්‍රධාන මාර්ගයන් හී මාර්ග බාධකයන් ඔස්සේ ව්‍යාපාරීකයකු පෙරටු කොට ගත් වැලි ප්‍රවාහනය වීම සිදු වූ බවට ද ජනතාව චෝදනා නගතී.
ඉදිරි නීතිමය කටයුතු සදහා සැක කරු සහ නඩු හාණ්ඩ කල්පිටිය පොලිසියට භාර දී තිබිණි.