අධිබලැති විදුලි රැහන් කණුවක නැඟ විරෝධතාවයක්



                           
 ක.ග කරුණාරත්න
 
මහවැලි ගඟේ පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ වැලි කැණීම් කටයුතු කරන සමාගමක් එම වැලි ප්‍රවාහනය කිරීම සඳහා තමන්ට අවස්ථාව නොදී අසාධාරණයක් සිදු කළැයි පවසමින් ඊට විරෝධය දක්වා ටිපර් රථ හිමියකු අද (2) සිට එම වැලි කැණීම් සමාගමේ කාර්යාලය ඉදිරිපිට පිහිටි අධි බලැති විදුලි රැහැන් කණුවක් මත නැගී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.


ඔහුගේ මෙම විරෝධතාවට සහාය පළකරමින් වැලි ප්‍රවාහනය කරන ටිපර් සංගමයේ සාමාජිකයින් පිරිසක් ද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඒ අසළට රැස්වී සිටියහ.


වැලි ප්‍රවාහනය කිරීම සඳහා තම ටිපර් රථ වලට ද අවස්ථාව සලසා දෙන තෙක් විදුලි කණුවෙන් බිමට නොබසින බව විරෝධතාකරු කියා සිටියි.