රංජිත් රාජපක්ෂ
දින තුනකට ප්‍රථම අතුරුදන් වු පුද්ගලයකුගේ මළ සිරුර අද (24) දින ඩෙවොන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවොන් ඇලේ තිබි හමු වු බව දිඹුල පොලිසිය පැවසිය.
මෙසේ හමු වි ඇත්තේ කොටගල ගංගාපුරම් ජනපදයේ පදිංචිව සිටි සෙල්වමුත්තු දුරෙයිරාජා නැමති (71) හැවිරිදි අයගේ සිරුරයි.
ජිවිතක්ෂයට පත් පුද්ගලයා මිට දින තුනකට ප්‍රථම ලිපියක් ලියා තබා නිවසින් බැහැර ගොස් ඇති බවත්, මේ පිලිබදව දිඹුල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව මරණකරුගේ ඥාතිහු පවසති.
මිය ගිය පුද්ගලයාගේ නිවස ආසන්නයේම ඩෙවොන් ඇල ගලා බසින අතර සිරුර ඔහු පදිංචිව සිටි නිවස ආසන්නයේ ඩෙවොන් ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවොන් ඇලේ වලක තිබි සොයාගෙන ඇත.
සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරික්ෂණ පවත්වයි.