අතුරුදන් වු අයෙකුගේ අස්ථි කොටස් අ’පුර කැළයකින් හමුවෙයි



 
 
(දයාරත්න ඇඹෝගම)

 
මිට මාස කිහිපයකට පෙර අතුරුදන් වු පුද්ගලයකුට අයත් බවට සැකකරන අස්ථි කොටස් කිහිපයක් අනුරාධපුර අශෝකපුර කැළයක් තුළදී හමුවු බව අනුරාධපුර පොලිසිය කියයි.


අශෝකපුර කැළය තුළදී හමුවු මෙම අස්ථි කොටස් අතර මිනිස් හිස් කබලක් ද තිබු අතර ඊට යාබදව කලුපාට සෙරෙප්පු යුගලක්, විදුලි පන්දමක් සහ කළු කමිසයක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබීය.


මෙම ඇඳුම් සහ භාණ්ඩ අතුරැදන් වු තම පියා වන හොරගොල්ලේ ගෙදර ප්‍රියන්ත (46) යන අයට අයිති එවා බවට අතුරුදන්ව ඇති පුද්ගලයා ගේ දියණියක විසින් හඳුනා ගෙන තිබේ.


අතුරුදන්වු බව කියන පුද්ගලයා සාලියපුර 6 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


මේ වන විට අස්ථි කොටස් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.