( එම් .සුසිල් ප්‍රියන්ත )
අකුරල ඇවිදින මංතීරුව අසළ මුහුදු අන්තයේ ගල් වැටියක තිබී අභිරහස් අයුරින් මියගිය පිරිමි අයකුගේ මළ සිරුරක් අද (25 ) උදේ සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි
මේ මළ සිරුර කාගේ කවුදැයි යන්න තවම අනාවරණයවී නැති බවද පොලීසිය කියයි.
මළ සිරුර මුහුදෙන් ගසාගෙන එන්නට ඇතැයි තමන් සැකකරන බවද පොලීසිය කියයි .
එය සොයා ගන්නාවිට හදුනාගත නොහැකි ආකාරයට බෙහෙවින්ම නරක්වී ඇති බවත් මීට දින කිහිපයකට උඩදි මේ පුද්ගලයා මියයන්නට ඇති බවද පොලීසිය කියයි.
මේ පිලිබදව අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.