(නිමල කොඩිතුවක්කු)
පොලිස් වාර්තා වලට අනුව 2014 වසරට සාපේක්ෂව 2017 වසරේදී රටේ අපරාධ 35%කින් අඩුවී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී අද (03) පැවසීය.
එමෙන්ම 2014 වසරට සාපේක්ෂව 2017 වසරේදී රටේ අපරාධ විසදීම 20% කින් වැඩිවී ඇති බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බම්බලපිටිය පොලිස් ක‍්‍රිඩාංගනයේ පැවති 152 වැනි ජාතික පොලිස් දින සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
2014 වසරේදි අපරාධ 50962ක් වාර්තා වී ඇති ඇතර එයින් 58% ක් පමණක් විසදීමට හැකිවී ඇති බවත් අග‍්‍රාමාත්‍යවරයා එහිදි සඳහන් කළේය.
2017 වසරේදි අපරාධ 35971යි වාර්තා වී ඇති බවත් ඉන් 79%ක් විසදීමට හැකිවී ඇති බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.