( අංජුල මහික වීරරත්න)
නිවැරදි තීන්දුව ගෙන ප්‍රමාද නොවී කණ්ඩායමක් ලෙස වැඩ කරන බව වරාය නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
එම අමාත්‍යංශයේදී නව අමාත්‍ය ධුරයේ වැඩ භාරගනිමින් අද (21) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා
‘පසුගිය කාලයේදී රටට විශාල හානියක් ගෙන දෙන දීර්ඝ දේශපාලන අර්බුධයක් පැවතුණා. දින 51 ක් පමණ රටේ සියලු කටයුතුවල පසුබෑමක් ඇති වුණා. විශේෂයෙන් අපේ රටේ ආර්ථිකයට විශාල හානියක් වුණා.මේ අමාත්‍යංශය රටට ඉතාමත් වැදගත් අමාත්‍යංශයක්. මහා භාණ්ඩාගාරයට විශාල මුදල් ප්‍රමාණයක් පහුගිය කාලයේදී ලබා දී රටේ ආදායමට විශාල දායකත්වයක් ලබා දෙන්න සමත් වුණා.‘
‘ ප්‍රමාද නොවී නිවැරදී තීන්දු ගන්නවා‘
Recommended Articles