IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පහළ මල්වතු ඔය ව්‍යාපෘතියට බිලියන 47ක්

(අංජුල මහික වීරරත්න)

පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මල්වතු ඔය පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය හා කෘෂිකාර්මික නිෂ්පාදනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන ජල හිඟය මග හැරවීම සහ තන්තිරිමලේ ප්‍රදේශයේ නව සංවර්ධන ප්‍රදේශයක් බිහි කිරීම, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව යටතේ අක්කර 30690 ක් වූ කුඹුරු ඉඩම් වල වගා තීව්‍රතාවය ඉහළ නැංවීම, ජල විදුලි උත්පාදනය, පානීය ජල සම්පාදනය ආදී අරමුණු සහිතව 2016 වර්ෂයේදී පහළ මල්වතුඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. 

රුපියල් මිලියන 22,900ක් වන එම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව සඳහා 2019-07-19 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුව ද, එවකට පැවති කොවිඩ් - 19 වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් නැවත ක්‍රමෝපායන හා කඩිනම් කිරීමේ (RAMP) කමිටුවේ තීරණය පරිදි 2022 වර්ෂයේදී තාවකාලිකව අත්හිටුවනු ලැබූ එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට නැවත ආරම්භ කර තිබේ. තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශය මත පදනම්ව අදාළ ව්‍යාපෘතියේ වර්තමාන මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් බිලියන 47.18ක් ලෙස ගණනය කර ඇත.

ඒ අනුව, පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුව රුපියල් බිලියන 47.18 ක් ලෙස සංශෝධනය කර දේශීය අරමුදල් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ව්‍යාපෘති කාලසීමාව 2030-12-31 දක්වා දීර්ඝ කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

පහළ මල්වතු ඔය ව්‍යාපෘතියට බිලියන 47ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site