
(යොහාන් භාසුර)
‘දිට්වා’ සුළි කුණාටුව හානිවූ පුත්තලම් මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන පිහිටි කඩුපිටි ඔය හරහා ඇති දුම්රිය පාළම සහ මාර්ගය යථා තත්වයට පත්කිරීමේ ශ්‍රමදානයක් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්විණි.
පුත්තලම් මාර්ගයේ දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් එම ශ්‍රමදානක් පැවැති අතර එම ප්‍රදේශයේ ඉවුර ඇතුළුව අඩි 65 කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන් සොදාගෙන ගොස් තිබුණි.
මෙම ස්ථානය කඩිනමින් පිළිසකර කරන්නේ නම් හලාවත දුම්රිය ස්ථානය වෙත දුම්රිය ධාවනය කළහැකි බවත් හලාවත දුම්රිය ස්ථානයේ සිරවී ඇති දුම්රිය පහ ගමනාගමනයට එක්කිරීමට හැකිවනු ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
දුම්රිය ස්ථානාධිපතිවරු ශ්‍රමදානයක