(අංජුල මහීක වීරරත්න)
පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීම සඳහා නව නීති පද්ධතියක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.
පසුගිය දින 52 තුළ පාර්ලිමේන්තුවේ ඇති වූ අවාසනාවන්ත සිද්ධි පිලිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මතුවන එවැනි තත්වයක් ඇති නොවීම සඳහා වග බලා ගැනීම පිණිස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉහත තීරණයට එළැඹ ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ විනය රැකීමට ගත යුතු නීති ප‍්‍රතිපාදන රජයේ අනුමැතිය සහිත යෝජනාවක් ලෙස ගෙන ඒමටද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ විනය රැකීමට ගත යුතු උපරිම ක‍්‍රියාමාර්ග පිලිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කතානායක කරූ ජයසූරිය සහ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන මහත්වරුන් සමඟද පෞද්ගලිකව සාකච්ඡා කර ඇත.
බි‍්‍රතානය පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය සහිත රටවල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විනය ආරක්ෂා කිරීමට නීතියෙන් ගෙන ඇති පියවර ගැන අධ්‍යයනය කොට වාර්තාවක් දෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට උපදෙස් ලබා දී ඇති අතර රටට ආදර්ශයක් වන ලෙස පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමත් ඒ වෙනුවෙන් ගත යුතු පියවර පිලිබඳවත් අග‍්‍රාමාත්‍යවරයා ඉදිරි දිනක පාර්ලිමේන්තුවේදි විශේෂ ප‍්‍රකාශයනක් කිරීමට නියමිතව ඇතැයි අග‍්‍රාමාතය කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු ලංකාදිපයට පැවැසීය.