(නිමල කොඩිතුවක්කු)
මතින් තොර රටක් සඳහා සමස්ත ධීවර ජනතාවගේ සහය පළ කරමින් මත්ද්‍රව්‍ය මැඩලීමට සාගර බළකායක් රට වටා ස්ථාපිත කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන යන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් මුහුදු මාර්ග ඔස්සේ රට තුළට විෂ මත්ද්‍රව්‍ය රැගෙන එම වැළැක්වීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවද වෙදආරච්චි මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.
රට වටා ඇති සියලු තොටුපල සහ ධීවර වරායන් ජාලගත කරමින් සමස්ත ධීවර ප‍්‍රජාවම ඒ සඳහා දායක කර ගැනීමේ ජාතික ක‍්‍රියාන්විතයක් ආරම්භ කිරීමට කැපවෙන බව ද ඔහු පැවසීය.
ධීවර වරාය නීතිගත සංස්ථාවට නව ප‍්‍රධානින් පත් කළ වහාම වරාය කළමනාකරණ කමිටු පිහිටුවා, එම කමිටු මගින් කළමනාකරණය, ධීවර වරාය සංවර්ධනය සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.
මෙම වැඩසටහන මගින් මත්දුව්‍ය වැටලීම් සඳහා පොලිසියට , පොලිස් විශේෂ කාර්ය බළකායට, ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බළකායට සමස්ත ධීවර ප‍්‍රජාවගේම සහය ලබාදීමට කටයුතු කරන බවද දිලිප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් පැවැසීය.