( තිළිණි ද සිල්වා )
මෙරට පැවති දේශපාලන අර්බුදය සාමකාමී ලෙසින් හා ව්‍යස්ථානුකූලව විසඳා ගැනීම පිළිබඳව එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප‍්‍රසාදය පළ කර ඇත.
එසේම නව කැබිනට් මණ්ඩලයක් පත් කර ඇති බැවින් දේශපාලන වෙනස්කම් විසඳීමට එම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නැයිද එක්සත් ජාතීන්ගේ මහෙලේකම්වරයා මෙරට සියලූ දේශපාලන පක්ෂ ක‍්‍රියාකාරීන් ගෙන් ඉල්ලීමක් කර සිටී.
එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා මෙසේද කීය.
‘‘ සාමකාමී , ව්‍යවස්ථාමය විධික‍්‍රම මඟින් ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුද විසඳීම ගැන මා සතුටට පළ කර සිටිනවා.රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනයන්හි ප‍්‍රබලතාවයන් පිළිබඳ මෙහිදී අගය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත උදෙසා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් දේශපාලන විෂමතාවයන් තුරන් කර ගැනීමට කටයුතු කළ යුතුයි" යැයිද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සිය නිවේදනයෙන් කියා සිටී.