(නිමල කොඩිතුවක්කු)
ආහාර නිෂ්පාදන හා අලෙවිය උදෙසා අවශ්‍ය ප‍්‍රමිතිය හඳුන්වාදෙමින් ආහාර ප්රවර්ධන මණ්ඩලයේ විෂය පද්ධතිය යාවත්කාලීන කරන බව කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
රටේ ඉදිරි පරම්පරාවේ ආහාර සුරක්ෂිතාවය, ජීවන රටාව හා සෞඛ්‍ය හා පෝෂණය පදනම් කරගනිමින් ආහාර ප්රවර්ධන මණ්ඩලයේ කටයුතු පුළුල් කරන බව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.
1973 සාගිනි නිවීමේ පනත යටතේ ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලය ස්ථාපිත කරනු ලැබීය.
එවක රටේ පැවති අවශ්‍යතාවයන් අනුව මෙම ආයතනයේ අරමුණු නිශ්චය කර තිබුණ ද වසර 46ක් තුළ ජනතාවගේ ජීවන රටාවේ වෙනස්කම් හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව අනාගතය පුරෝකථනය කරමින් ආහාර ප‍්‍රවර්ධනය සඳහා නව අරමුණු, කාර්යන්, හඳුනා ගනිමින් මෙම කටයුතු කඩිනමින් සිදුකරන ලෙසට අමාත්‍යවරයා ආහාර ප්රවර්ධන මණ්ඩලයේ නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.
එම කාර්යන් සඳහා රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන සම්බන්ධ කරගනිමින් වඩාත් ගැලපෙන ආහාර නිෂ්පාදන හා අලෙවිය උදෙසා අවශ්‍ය ප‍්‍රමිතිය හඳුන්වා දෙමින් ඒවා නියාමනය කරන ලෙසට ද අමාත්‍යවරයා එහි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ.