(අංජුල මහික වීරරත්න)
නව වසර කුමන්ත්‍රණකාරී බලවේගවල මෙන්ම රටේ ඉරණම ද තීරණය කරන වසරක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
ජර්මනියේ හිට්ලර් නැතිවී ගිය පසු නාසි ක්‍රමය අතුගෑවී ගියා සේ මහින්ද රාජපක්ෂගෙන් පසු පොහොට්ටුවද අතුගෑවී යනු ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරයා පුද්ගලයන් මත රඳා පවතින බලවේග පුද්ගලයාගෙන් පසුව අතුරුදන් වී යන බවද කීවේය.
දැවැන්ත කුමන්ත්‍රණයකින් පසුව රටේ අනාගතය තීරණය කරන කාල පරිච්ඡේදයකට එළඹ තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා වෙනත් වසරවලටත් වඩා මැති ඇමැතිවරුන් ජනතාවගේ සිත් තුළට කාවදින පරිදි වැඩ කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.