‘ජනාධිපති ධූරයට අනිවාර්යෙන්ම කරූ ජයසූරිය පත්කළ යුතුයි’


(හසිත රංග ගුණතිලක)
 
සියලු ජාතීන් හා සියලු ආගම් එකට එකතු  කළ හැකි කරූ ජයසූරිය මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූරයට අනිවාර්යෙන්ම පත්කළ යුතු බව උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්ද්‍රරත්න හිමිපාණෝ අද(11) කොළඹදී පැවැසූහ.
 
කරූ ජයසූරිට මහතා සියලු ආගම්වලට සහ සියලු ජාතීන්ට පොදු නිසා රටේ නායකත්වයට ඔහු සුදුසු බව ඕනවටත් වඩා ඔප්පු කර ඇතැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
 
කොළඹ 7 පිහිටි පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ප්‍රධාන ශාලාවේදී සමස්ත ලංකා ජාතික භික්ෂු සංසදය විසින් අද(11) පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තන්තිරිමලේ චන්ද්‍රරතන හිමියෝ මේ බව සඳහන් කළහ.
 
පක්ෂ භේදයකින් තොරවය සමස්ත ලංකා මහා සංඝරත්නයේ ආශිර්වාදය කතානායකවරයාට හිමි වන බවත්, ඒනිසා ජනාධිපතිවරයාත් අමාත්‍යවරයාත් කරූ ජයසූරිය මහතාට ඒ සඳහා ආශිර්වාද කළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)