
(යොහාන් භාසුර)
ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ලෙස සැක කරමින් අත්හිටුවා ඇති 'ඔන්ඩැන්සෙට්‍රෝන්' නමැති එන්නත සම්බන්ධයෙන් රෝහල් රසායනාගාරයක කළ පරීක්ෂණය පිළිබඳ විධිමත් විමර්ශනයක් ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට ලිපියක් යොමු කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන්ට මෙම ලිපිය යොමු කර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය 'ඔන්ඩැන්සෙට්‍රෝන්' නමැති එන්නතේ ඖෂධ කාණ්ඩ කිහිපයක් රෝගීන්ට ඇතිවූ සංකූලතා සහ මරණ කිහිපයක් පිළිබඳ සැක මත භාවිතය අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන්, එම තීරණය සඳහා පදනම් කරගත් ක්‍රියාදාමය පිළිබඳ බරපතළ ගැටලු රැසක් මතුව ඇති බවත් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් ප්‍රසිද්ධියේ සඳහන් කර ඇති පරිදි, මෙම ඖෂධය තුළ බැක්ටීරියා අඩංගු බවට සැකයක් ඇති වූයේ මහනුවර ජාතික රෝහලේ කළ රසායනාගාර පරීක්ෂණයක ප්‍රතිඵලයක් මත බවත් රවී කුමුදේශ් මහතා පවසයි.
ඖෂධයක ජීවානුහරණ තත්ත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය වන ඉතා සුවිශේෂී භෞතික පහසුකම්, පරිසර තත්ත්වයන්, තත්ත්ව සහතික පද්ධති සහ නීතිමය බලය, රෝගීන්ගේ දෛනික රෝග විනිශ්චය පරීක්ෂණ කරන මහනුවර ජාතික රෝහල් ක්ෂුද්‍රජීවී රසායනාගාරය සතුව නොමැති බව ඉතා හොඳින් දන්නා කරුණක් බව කියන ඒ මහතා එම රසායනාගාරයට එවන් පරීක්ෂණයක් කිරීමට තිබූ නෛතික බලය කුමක්ද? එවන් පරීක්ෂණයක් කිරීමට ඖෂධ නියාමන නීති සහ රෙගුලාසි අනුව අවසර ලැබී තිබුණේද? එවන් වාර්තාවක් නිකුත් කිරීම සඳහා වෘත්තීය සහ නීතිමය බලය එම රසායනාගාරයට තිබුණේද? යන කරුණු පිළිබඳව ගැඹුරු සැකයක් මතුව ද සඳහන් කරයි.
නියාමන නීති හා ක්‍රමවේදවලින් ඉවත ගොස්, කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය ඖෂධයක් “ගුණාත්මක” ලෙස හෝ තරගකාරී ඖෂධයක් “බාල” ලෙස හෝ තහවුරු කර ගැනීම, ඖෂධ මාෆියාව සම්බන්ධ දූෂිත ක්‍රියාවලියේ ලක්ෂණයක් බවත් එවන් ක්‍රියාදාමයක් නියාමන ක්ෂේත්‍රය තුළ සිදුවන්නේ නම් එය ජාතික සෞඛ්‍ය ආරක්ෂාවටම බරපතළ තර්ජනයක් බවත් රවී කුමුදේශ් මහතා සෞඛ්‍ය බලධාරීන්ට යොමු කර ලිපියේ වැඩිදුරටත් සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
82
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත ගැන විධිමත් පරීක්ෂණයක් ඕනෑ