IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පහතරට එළවලු මිල වැඩිවෙලා

 

 

 

(රංජිත් රාජපක්ෂ   )          

දිට්වා සුලි කුණාටුවත් සමඟ වෙළදපොලේ උඩරට එලවලු වලට වඩා පහත රට එලවලු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවලු තොග සහ සිල්ලර වෙලෙදුන් කියයි.

පහතරට වැවෙන බණ්ඩක්කා, පතෝල, මෑ කරල් ඇතුලු එළවලු වර්ග රැසක් කිලෝවක් රු. 400-500ත් අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, බටු කිලෝවක් රු.650ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි.

කැරට්, ගෝවා, බීට්, රාබු, ලික්ස් වැනි එලවලු වර්ග රු.300-350ත් අතර මිලකට අලෙවි කරන අතර, මාලු මිරිස් කිලෝවක් රු.1300, බෝංචි රු.1000 වැනි මිලකට අලෙවි කරනු ලබයි.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඊයේ (18) දින එළවලු කිලෝ 91510ක ඉල්ලුමක් ලැබුණ බවත්, එම ඉල්ලුමට සරිලන එලවලු වර්ග ගොවීන්ගෙන් මිලදීගෙන එම එළවලු තොග දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කල බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ නිළධාරියෙකු කියා සිටියේය.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නුවරඑලිය එළවලු ගොවීන් සතුව එලවලු අස්වැන්න තිබෙන නිසා උඩරට එළවලු මිල ඉහල නොයන බවද  එම නිළධාරියා කියා සිටියේය.

 

 



අදහස් (0)

පහතරට එළවලු මිල වැඩිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site