IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මරණ සහතික දෙන්නත් උත්සව තියලා

(අංජුල මහික වීරරත්න)

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබී නැති බව ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ආපදාවට ලක්වූ ජනතාවට වන්දි ලබාදීමේ ක්‍රියාපටිපාටි පිළිබඳව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම්වල නිලධාරීන්ට දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන්ට විධිමත් ලෙස ලිඛිතව දැනුම් දී නොමැති බවද රාජපක්ෂ මහතා කීය.

ජනාධිපතිවරයා වන්දි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇතැම් ප්‍රකාශ නිකුත් කර තිබුණද, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලදී ඊට පටහැනි දේවල් ඉදිරිපත් කර ඇති බව නාමල් රාජපක්ෂ පැවසීය.

“මරණ සහතික නිකුත් කිරීම සඳහා දේශපාලන අධිකාරිය උත්සව පවත්වා තිබීම කණගාටුවට කරුණක් බවද නාමල් රාජපක්ෂ පැවසීය.

බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ ගැටළු විසඳීමට සහ කාලෝචිත සහන සහ නැවත පදිංචි කිරීමේ පියවර සහතික කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාමල් රාජපක්ෂ ඉල්ලා සිටියේය. රාජපක්ෂ මහතා මේ බව කීවේ මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

 



අදහස් (2)

මරණ සහතික දෙන්නත් උත්සව තියලා

,Neel Friday, 19 December 2025 11:30 AM

ඔය මහත්තයා ලංකාවේ හිටියේ නැද්ද...?

:       0       0

jayantha Friday, 19 December 2025 12:44 PM

ඔව් ඉතින් ජවිපය දන්නේ 88-89 කාලයේ ඉදලා මරණ සහතික දෙන්න විතරයි. ඉතින් මොකද? ඔයාලා වගේ තාජුඩීන්ලාට මරණ සහතික නැතුවම දෙන විදිහත් දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 82 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site