(ඩයනා උදයංගනී)
ජනාධිපති අපේක්‍ෂකයින් පිළිබඳ කතාබහක් ඇතිකරමින් සහ මාධ්‍යවලට චෝදනා කරමින් රටේ පවතින දැවැන්ත ආර්ථික අර්බුදය පිළිබඳ කතාබහ යටගැසීමට රජය උත්සාහ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ වන විට රටේ පවතින ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිධූරය දැරූ දින 51 ක කාලයේ ඇතිවූ බව ආණ්ඩුව කීවත් එයට වගකිවයුත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවම බවද බන්දුල ගුණවර්ධන මහතා ස`දහන් කළේය
.
ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් විපක්‍ෂය විසින් ඉල්ලා ඇතැයි කී බන්දුල ගුණවර්ධන මහතා අර්බුදයට සැබෑ හේතු එහිදී හෙළිකිරීමට බලාපොරොත්තු වන බව ද කීවේය.
මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පුංචි බොරැුල්ල වජිරාශ‍්‍රම විහාරයේදී අද (13) පැවති විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුව අමතමිනි