අම්පාරේදී නාමල්ට හමුමූ මඩේ බැස්ස “නාමල්”


ශ්‍රීලංකන් ගැන රජයේ තීන්දුව

ශ්‍රී ලංකන් ගුවන් සේවය  ලාබ ලබන ආයතනයක් බවට පත් කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට රජයට නියම කර ඇති කොන්දේසියකි. පසුගිය රජය සමයේ එම ගුවන් සේවය මිලදී ගැනීමට කිසිම විදේශීය සමාගමක් ඒ සඳහා ඉදිරිපත් වූයේ නැත. එයට හේතුව ආයතනයේ ණය සමග එම ආයතනය ලබාගැනීමට කිසිවකුත් කැමති නොවීමය. මෙම රජය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ලැයිස්තුව තුළ පවතී.

ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය නොකිරීමටය. ඒ අනුව ජනාධිපතිවරයා ඉකුත් සතියේ කමිටුවක් පත්කර ඇත්තේ ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් පුළුල් සමාලෝචනයක් සිදුකිරීම සඳහාය. ප්‍රකට ව්‍යාපාරික ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත්කර ඇත. ‘‘“කොහොම හරි ශ්‍රී ලංකන් ගුවන් සේවය වාණිජමය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන තැනක් බවට පත් කරන්නයි අපට අවශ්‍ය. ඒ වෙනුවෙන් හොඳ මැදිහත්වීමක් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා.” ‘‘ජනාධිපතිවරයා ආචාර්ය හාන්ස් ඇතුළු කණ්ඩායමට පවසා තිබේ. මූල්‍ය අරමුදලේ ඉදිරි වාරික දෙක සඳහා සලකා බැලෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කරණය ගැන රජයේ ඉදිරි තීන්දුව දෙස බොහෝ දෙනා බලා සිටී.

චයිනා හාබර් සභාපති ජනපති ගැන කී දේ

ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ ප්‍රධානම ඉදිකිරීම් ආයතනයක් වන චයිනා හාබර් ඉංජිනියරින් හි සභාපතිවරයා මෙරට දී හමුවුණේ ය. චයිනා හාබර් සභාපතිවරයා ජනාධිපති අනුරගේ ක්‍රියාකාරිත්වය අගය කළේ වරාය නගරයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නිරන්තරයෙන් සොයා බලන නිසා එහි කටයුතු සක්‍රියව ඉදිරියට යන බව කියමිනි. ‘‘ඔබතුමාගේ රජය යටතේ අපට තවදුරටත් ආයෝජන කටයුතු සිදු කිරීමට ධෛර්යයක් ඇති වෙනවා.’’ චයිනා හාබර් ඉංජිනියරින් සභාපතිවරයා කියා සිටියේය. මෙම සාකච්ඡාවේ දී හෙළිදරව් වී තිබුණේ ජනාධිපතිවරයා සෑම සතියකම වරාය නගරයේ කටයුතු සොයාබැලීමට එහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකය හමුවී සාකච්ඡා කරන බවය.

දිට්වා ප්‍රතිසංස්කරණ වේගය අඩුවෙලා

දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත් රට යළි ගොඩනැගීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බළකාය පසුගිය සතියේ රැස්වූයේ අගමැතිනියගේ ප්‍රධානත්වයෙනි. එහිදී සිදුකළ සමාලෝචනයේ දී හෙළිදරව් වූයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වේගය යම් දුරකට අඩුවී ඇති බවය. ඒ අනුව මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමට තවදුරටත් ලබාදිය යුතු සහාය කුමක්දැයි අගමැතිනි හරිනි අමරසූරිය විමසුවාය. මෙහිදී සිදුවන්නේ විනාශ වූ මුළු රටම යළි තිබුණාට වඩා හොඳ තැනකට ගෙන ඒමේ ක්‍රියාවලියක් බවද එහිදී සාමාන්‍ය සංවර්ධන කටයුතුවලට යොදාගන්නා රාජ්‍ය යාන්ත්‍රණයම භාවිත කිරීමට සිදුවී ඇති නිසා යම් ප්‍රමාදයක් සිදුවන බවද බිමල් රත්නායක ඇමැතිවරයා කීවේය. මෙම තත්ත්වය යම් දුරකට මගහරවාගැනීම සඳහා තාක්ෂණික නිලධාරීන් 125 දෙනකු බඳවා ගත් බවත් ඔවුන් විශේෂ පුහුණුවකින් පසු එළඹෙන සතියේ සේවයට යොදවන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය. ප්‍රමාදය නිසා සිදුවන්නේ සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින ජනතාවට තමන්ගේ නිවසක් ලබාදීමේ කටයුත්ත ප්‍රමාද වීම බව පෙන්වා දුන් අගමැතිනිය එම ස්ථිර කටයුතු ප්‍රමාද වන්නේ නම් එම පිරිස තාවකාලික නිවාස ඉදිකර එහි පදිංචි කළ යුතු බව පැවසුවාය.

උන්හිටි තැන් අහිමි වූ අය තවත් එක තැනකට දාල ඉන්න එක නෙවෙයි අපේ අරමුණ. ඔවුන් හිටියාට වඩා හොඳ තැනකට ගෙන යාමයි. එතැනදී අපිට ඔවුන් නැවත පදිංචි කරන තැන අවදානම් තැනක්ද නැද්ද කියන එක පරීක්ෂා කරන්න සිදු වෙනවා. එක නරක තැනක ඉඳලා තවත් නරක තැනකට වැටුණොත් මොකද මේක ආපහු විපතක් වෙන්න දෙන්න බෑ. ඒ නිසා හදිස්සියට පදිංචි කිරීම් කරන්නත් බෑයි.” ‘‘සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන එහිදී අවධානය යොමු වූ අතර ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හමුවී ඔවුන්ට ඇති ගැටලු විමසා බැලිය යුතු බවට කාර්ය සාධක බළකාය තීරණයකට එළඹුණේය. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ද මෙම රැස්වීමට ගෙන්වා ගත යුතු බවටද එහි දී අවධානය යොමු විය.

මේ වන විට බොහෝ දිස්ත්‍රික්කවල නිසි පරිදි වන්දි මුදල් නොගෙවූ බවට ජනතාවගෙන් චෝදනා එල්ල වන අතර දැන ගන්නට ඇත්තේ ඇතැම් නිලධාරීන් විවිධ නීතිරීති පෙන්වමින් මූල්‍යාධාර ගෙවීම ප්‍රමාද කරන බවය.

කුමාරප්පෙරුම පුතාගේ අවමඟුල

ජනාධිපතිවරයාගේ සහ ජාතික ජනබලවේගයේ උපදේශකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුමගේ පුත් නිවින් කුමාරප්පෙරුමගේ හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ ගණනාවක්ම එම දේහයට අවසන් ගෞරව දැක්වීමට සහභාගි වූහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක කරු ජයසූරිය මෙන්ම සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද අවසන් ගෞරවය දැක්වීමට සහභාගි වූයේ මාලිමාවේ දේශපාලනයට සම්බන්ධවීමටත් පෙර සිටම උපුල් කුමාරප්පෙරුම හඳුනන නිසාය.

මට බොහෝ කනගාටුයි උපුල්’’ තිස්ස එහි දී උපුල් කුමාරප්පෙරුම සමග කියා සිටියේය.

මේ වෙලාවේ ඇවිත් අවසන් ගෞරව දක්වපු එක මගෙ හිතට හයියක්...’’ උපුල් කුමාරප්පෙරුම  තිස්සට කීවේය. වත්මන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඇතුළු එහි සිටි ජවිපෙ සාමාජිකයන් තිස්සට හඳුන්වා දෙන්නට ද උපුල් කටයුතු කළේය.

දේශපාලනය වෙනයි ඒත් අපේ යාළු මිත්‍රකම් වෙනයි.’’  දිගු කලක සිට දන්නා උපුල්ට ශෝකය ප්‍රකාශ කළ තිස්ස නික්ම ආවේ එසේ කියමිනි.

නාමල්ගෙන් කුමාරප්පෙරුමට ඇමතුමක්

උපුල්ගේ පුත්‍රයාගේ අභාවය ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ දුටුවේ අම්පාරේ රැස්වීමක සිටියදීය. මෙය දැනගත් විගසම නාමල් උපුල් කුමාරප්පෙරුමට දුරකථනයෙන් ඇමතුවේය. ‘‘“උපුල් අයියා මගේ බලවත් කනගාටුව’’ මොකද හදිසියේම මෙහෙම වුණේ?’’ නාමල් විමසුවේය. උපුල් කුමාරප්පෙරුම තම පුත්‍රයාගේ රෝගී තත්ත්වය ගැන නාමල්ට කියා සිටියේය. අයියා මට එන්න විදිහක් නෑ. ලිමිනි එනවා කිව්වා. මළගෙදර මම කොළඹ ආපු ගමන් එන්නම්’’ එසේ කී නාමල් හිටපු ජනාධිපති මහින්ද අමතා මෙම පුවත දැනුම් දුන්නේය. ‘‘ඔව් මම දැක්කා... මම අදම යනවා’’ හිටපු ජනපති මහින්ද කීවේය.

සජබ ක්‍රියාකාරී සැලසුම සැකසෙයි

සමගි ජන බලවේගයේ ඉකුත් සතියේ පැවති කළමනාකරණ කමිටු රැස්වීමේ දී පක්ෂයේ අනුබද්ධ සංවිධාන සමග ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමේ කටයුතු ජාතික සංවිධායක තිස්ස අත්තනායකට භාර කෙරිණි. ඒ අනුව තිස්ස ඉකුත් සතියේ දින කිහිපයක්ම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ක්‍රියාකාරීන් සමග එක්ව එම සැලැස්ම සකස් කිරීමේ සාකච්ඡාවල යෙදුණේය. ගොවි, කාන්තා කලා ඇතුළු සංවිධාන මෙම වසර හා ඉදිරි වසරට අදාළව තමන් කරන කටයුතු ගැන වාර්තාවක් පක්ෂයට ලබාදිය යුතුය. මෙම වසරේ අගෝස්තු මාසයේ සිට ලබන වසරේ ජූලි මාසය දක්වා වාර්ෂික සැලසුම එම සැලැස්මට ඇතුළත් වෙයි. පක්ෂ නායක සජිත් ද රට තුළ ක්‍රියාත්මක විවිධ සිවිල් සංවිධාන සමග සාකච්ඡාවක ද නිරත වෙයි. පක්ෂයට ඍජුව සම්බන්ධ නැති ආයුර්වේද වෛද්‍ය කලා ආර්ථික ක්‍රියාකාරිකයන් හමුවී ඔවුන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට සජිත් කටයුතු යොදා තිබුණි.

සජබට අලුත් සංවිධායකවරුන්

සජබ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක ඇතුළු  පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා හමුවී හිස්ව පැවති ආසන සංවිධායක ධුර ගණනාවක්ම පිරවීමට කටයුතු කළේය. ඒ අනුව තිස්සමහාරාම ආසනයට සුනිල් ගමගේ, යටිනුවරට තිස්ස අත්තනායක, බදුල්ලට මහාචාර්ය වීරසිංහ, බළංගොඩට භානුක ඇතුළු සංවිධායකවරුන් පත් කෙරිණි.

මහලේකම් මද්දුමබණ්ඩාර රත්තොටට යයි

ඉකුත් සතිය පුරාම සමගිජන බලවේග නායකයන් සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට රාජකාරියක් පැවරී තිබුණේ බිම් මට්ටමේ සාමාජිකයන් හමුවීම සඳහා ආසන මට්ටමේ රැස්වීම් කිහිපයකට සහභාගී වන්නටය. මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මාතලේ දිස්ත්‍රික්කයේ රැස්වීම් කිහිපයකට සහභාගී විය. රත්තොට සමගි ජන බලවේග කාර්යාලය විවෘත කිරීමට ආසන සංවිධායිකා රෝහිණී කවිරත්න, මහලේකම් රංජිත්ට ආරාධනා කර තිබිණි.

රත්තොට කියන්නෙ අපේ බල කඳවුරක්. අද ඉන්න සංවිධායකතුමිය රෝහිණී කවිරත්න. ඊට කලින් රත්තොට සංවිධායක එතුමියගේ ස්වාමි පුරුෂයා, සංජීව කවිරත්න මහතා ඊටත් කලින් හිටපු සංවිධායක තමයි සංජීව කවිරත්නගේ පියා පී.බී. කවිරත්න මහත්මයා. ඒ කියන්නෙ පරම්පරා තුනක්ම අපේ පක්ෂයේ බලකණු අපි දැන් සුදානම් වෙන්න ඕනෑ මේ ආණ්ඩුවේ ඉදිරි ගමනට එරෙහිව කටයුතු කරන්න. ආණ්ඩුව කිසිම වැඩක් කරන්නේ නෑ. කරන්නේ බදු වැඩි කිරීම පමණයි. අවුරුදු හැත්තෑ හයක් තිස්සේ වැඩ කරල දියුණු වූ ව්‍යාපාරිකයන්ගෙන් බදු ගන්න එක විතරයි. ආණ්ඩුව කරන්නේ.’’ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර එහිදී කියා සිටියේය.

මාතලේ සජබ බල මණ්ඩල රැස්වීම ද මහ ලේකම් රංජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දඹුල්ල ආසන සංවිධායක ලෙස පත්කර සිටින රංජිත් අලුවිහාරේ සංවිධානය කළ හමුවකට ද රංජිත් මද්දුම බණ්ඩාර සහභාගී විය. ‘ ‘අපිට හොඳ සෙනඟක් ඉන්නවා හැම තැනම. දැන් තත්ත්වය කලින් තිබුණට වඩා හොඳ තැනකට ඇවිත්....’’ මහලේකම් රංජිත් එහිදී රංජිත් අලුවිහාරේ සමග කියා සිටියේය.

තෙල්මිල ගැන විවිධ කතා

තෙල් මිලට සිදුවන්නේ කුමක් ද? මේ දිනවල දේශපාලන පක්ෂවල එක් මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ තෙල් මිලය. ලෝක වෛළඳපොළේ ඉන්ධන මිල ඉහළ පහළ යනවිට මිල අඩු වැඩි කිරීමට ඇමැතිවරුන් අවශ්‍ය නොවන බවට ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියදී නිතර ප්‍රකාශ කළ නිසා ඔවුන්ගේ රජය යටතේ තෙල් මිල ඉහළ යාම ගැන විපක්ෂයේ දැඩි විවේචනයට ලක් වෙයි. එදා ප්‍රකාශ කළ ආකාරයටම තෙල් මිල අඩු නොකරන්නේ ඇයිදැයි විපක්ෂයේ දේශපාලනඥයෝ රජයෙන් විමසති.

පෞද්ගලික ආයතනයක මුදල් වංචාවක් නිසා අසරණ වූ පිරිසක් ඉකුත් සතියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා කළ අවස්ථාවේ සජිත්ද මෙම  තෙල් මිල ප්‍රශ්නය ගැන කතා කළේය. වත්මන් රජය මැද පෙරදිග  යුද්ධය පෙන්වා එමගින් බොරතෙල්  මිල ඉහළ ගිය  බව ප්‍රකාශ කර මෙරට තෙල් මිල වැඩි කළ බවත් අද වනවිට බොරතෙල් බැරලයක මිල යුද්ධයට පෙර තිබූ තත්ත්වයටම පහළ බැස ඇතත් මෙරට රජය තෙල් මිල අඩු කිරීම ගැන වගේ වගක් නැතිව සිටින බවත් සජිත් කීවේය. තමන් බලයට පැමිණි පසු වරායේදී ගොඩබාන මිලට තෙල් ලබාදෙන බව පැවසූ මාලිමා දේශපාලකයන් එම කතා අමතක කර තෙල් මිල නංවා ජනතාවත්, කර්මාන්තකරුවනුත් අමාරුවේ දමා ඇති බවද විපක්ෂනායක සජිත් කියා සිටියේය.

රැස්වීමෙන් පසු සුගීෂ්වර කුඩුවට

විපක්ෂයේ දේශපාලනඥයෝ ගණනාවක්ම ඉකුත් බ්‍රහස්පතින්දා මෙරට සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරි කණ්ඩායම හමුවන්නට ගියහ. මහාචාර්ය ජී.එල්.පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, සුගීෂ්වර  බණ්ඩාර සහ අසංග නවරත්න එම කණ්ඩායමට අයත් විය.

විපක්ෂ කණ්ඩායම මෙහිදී පෙන්වා දුන්නේ දැනට ලබා දී ඇති ඩීසල් සහ පෙට්‍රල් සහනාධාරය ඉවත් කිරීමෙන් රජය විශාල අර්බුදයකට ගමන් කරන බවය. ‘‘“මේ රජය යුද්ධය ඇරඹෙද්දී කීවා මාස තුනකට තෙල් තියෙනවා කියලා. ඒ වෙලාවෙ තෙල් බැරල් එක ගෙනාවෙ ඩොලර් හැත්තෑවට. එහෙම අඩු ගානට තෙල් ගෙනත් මෙයාලා ළඟ තිබූ තෙල්වල ගණන් ඉහළ දැම්මා. දැන් සහනාධාරය ඉවත් කරන්න ඔබතුමාලා රජයට කියලා තියෙන නිසා රට ලොකු අර්බුදයකට යනවා. අනික මහා විශාල හොරකම් මේ රජය යටතේ සිදු වෙනවා. බාල ගල් අඟුරු ගෙන ඒම නිසා ඩීසල්වලින් තමයි දැන් විදුලිය නිපදවන්න වෙලා තියෙන්නේ. මේ නිසා ඩීසල් මිල වැඩිවෙලා...’’ විපක්ෂ කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට කියා සිටියහ. එම නිලධාරීහු ස්වාධීනව එම කරුණු අසා සිටියහ.

එම  හමුවෙන් පසු ආපසු යාමට පිරිස වාහනවල නැග ටික දුරක් එද්දී සුගීෂ්වර බණ්ඩාර පොලිස් අත්අඩංගුවට පත්විය. විපක්ෂ මන්ත්‍රීවරුන් කියන්නෙ පාතාලය මර්දනය කිරීමට යොදා ඇති විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ මාර්ගය වාහනවලින් හරස්කර සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගත් බවය. ඔහු වෙනුවෙන් දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රේමනාත් දොළවත්ත, ජීවන් ජයතිලක, උදය ගම්මන්පිල ඇතුළු නීතිඥ පිරිස පෙනී සිටිය ද ලබන 1 වැනිදා දක්වා සුගීෂ්වර බණ්ඩාර අධිකරණයෙන් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.

නාමල්ව පැටලිලා

අම්පාරේ මහජන රැස්වීම් ගණනාවකට සහභාගි වූ නාමල් රාජපක්ෂට පාක්ෂිකයන්ගෙන් ඉහළ පිළිගැනීමක් ලැබිණි. එක් කාන්තාවක නාමල්ට කීවේ ඇරපු අතක් නෑ... මහින්ද මහත්තයා වගේමයි කියාය.’’ අපි ගිහින් එන්නම් අම්මේ. නාමල් ඇයට කියද්දී ‘‘ඊළඟ වතාවෙ ජනාධිපති වෙලාම එන්න’’ එම කාන්තාව කීවාය. තවත් රැස්වීමක දී නාමල් කතා කළේ පොහොර ගැනය.

‘‘නාමල් මහත්තයා ඉස්සර ඇවිත් මඩ කාගෙන ගොයම් පැළ කාගෙන උද්ඝෝෂණ කළේ. දැන් පැත්ත පළාතකවත් නෑ....’’ සභාවේ සිටි අයෙක් පැවසීය.

‘‘මම මඩ කෑවෙත් නෑ... ගොයම් පැළ කෑවෙත් නෑ...’’ නාමල් කියද්දී සභාවම මහ හඬින් සිනාසෙන්නට පටන් ගත්තේය.

නෑ...නෑ.... ඔබ තුමා නෙමෙයි... නාමල් කරුණාරත්න....’’ එම තැනැත්තා යළික් කීවේය.

“ඔව් දැන් පොහොරත් නෑ..

නාමල් කරුණාරත්නත් නෑ...” ‘‘නාමල් කීවේ සිනාසෙමිනි.

‘‘නාමල් කරුණාරත්න මඩේ බැහැල ඉන්න ෆොටෝ අපි ළඟ තියෙනවා. කාන්තාවක් කීවේ සභාවට සිනා සයුරක ගිල්වමිනි. 

අම්පාරේ රැස්වීම්වලින් පසු නිවසට පැමිණ ව්‍යායාම කරමින් සිටි නාමල්ට ඇමතුමක් ලැබුණි. ඒ ඩී.වී. චානක ගෙනි. ඒ නෙළුම් මාවතේ රැස්වීමක් සඳහා සිහි කැඳවීමටය. නෙළුම් මාවත රැස්වීමට ගිය නාමල් තීරණය කළේ සතියකට වතාවක් ආර්ථිකය පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වීමටය. නාමල් සමග ජොන්ස්ටන්, සංජීව එදිරිමාන්න, ඩී.වී. චානක, වෛද්‍ය රමේෂ් පතිරණ හා සාගර කාරියවසම් එයට සහභාගි වී සිටියහ. එහිදී ඩෙංගු ගැනද කියැවිණි. ‘‘එක තැනක ඩෙංගු රෝගියෙක් ඉඳලා ධුමායනය කරන්න එන්න කීවට කොළඹ පැත්තෙ ප්‍රාදේශීය  සභාවකින් කියලා ධුමායනය කරන්න නම් හයදෙනෙක් ඉන්න ඕනෑ කියලා..’’ සංජීව එදිරිමාන්න කීවේය.

මට මතකයි සමන්ත විද්‍යාරත්නලා විපක්ෂයේ ඉන්න කොට කීවා මදුරුවා කියන්නේ චූටි සතෙක්.. ඌ මර්දනය කරන්නත් ආණ්ඩුවට බෑ කියලා...’’ ඩී.වි.චානක කීවේය.

‘‘කියනකොට ලේසියි. කරන කොටනෙ අමාරුව. මේ අය එක තේරුම් ගත්ත එකත් ලොකු දෙයක්’’ නාමල් රාජපක්ෂ කීවේය.

‘‘මේ ඩෙංගු ව්‍යාප්තිය ගැන බොහොම විමසිල්ලෙන් බලන්න ඕනෑ...‘‘සාගර කාරියවසම් කීවේය.

රෝහල් ධාරිතාව පැන්නුවොත් අමාරුයි. ඒ නිසා අපි මේ ගැන ජනතාව දැනුවත් කරමු.’’ නාමල් කීවේය. 

පාස්කු ප්‍රහාරය ගැන ආන්‍්දෝලනාත්මක කතා

පාස්කු ප්‍රහාරය ගැන විවිධ කතා කරළියට එන මොහොතේ රනිල් මෙතෙක් හෙළි නොකළ ආන්දෝලනාත්මක කතා රැසක් මන්ත්‍රී කණ්ඩායම හමුවේ හෙළිදරව් කළේය.කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයට රැස්වූ මන්ත්‍රී කණ්ඩායම ඉතා කුතුහලයෙන් ඇහුම්කන් දුන්නේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එවක ජනාධිපතිවරයා රටින් බැහැරක සිටි මොහොතක අගමැති ලෙස රටේ නායකත්වය දැරුවේ රනිල් බැවිනි.

“සිද්ධිය සැලවූ සැණින් ආරක්ෂක අමාත්‍යාංශයේ උදවියට අරලියගහ මන්දිරයට එන්නැයි මා දැනුම් දුන්නා.එවකට නීතිපති ජයන්ත ජයසූරියක් එහි සිටියා.”‍ අරලියගහ මන්දිරයට යන්න එපා යැයි”‍ ජනාධිපති පැවසූ බව ඒ අය කිව්වා. කබීර් ඇතුළු පිරිසක් එහි සිටියා.

ආරක්ෂක අමාත්‍යාංශයේ අයට අරලියගහ මන්දිරයට එන්න එපා යැයි කියා තිබූ නිසා අපි ආරක්ෂක අමාත්‍යාංශයට ගියා. එතන ලොකු වාදයක් යනවා. මම ගියා රුවන්ගේ කාමරයට (එවක ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය) එතැන කට්ටිය රැස්වෙලා හිටියා. මම ගිහින් මූලාසනයේ වාඩිවුණා. එතන තිබුණේ ව්‍යාකූල තත්ත්වයක්. එක පැත්තකින් හේමසිරි ප්‍රනාන්දු, අනිත් පැත්තෙන් තව එක්කෙනෙක්. ඔක්කොම වාද කරගන්නවා. කවුද ක්‍රියා කළේ, කවුද නැත්තෙ කියල දන්නේ නෑ. පොලිසියේ අය ගිහින් වෙනම වැඩ කරනවා එතන. මම වාඩි වුණාට පස්සේ රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු කට්ටිය එන්න පටන් ගත්තා.”‍

“එක එක අය තමන්ගේ කාමරවල ඉඳලා වැඩ කරලා මිසක් එකිනෙකා සමග කතා කරන්න ගිහින් නෑ කියා ඒ කතා බහේදී තේරුම් ගියා.හැම එක්කෙනාම අදාළ ලියුම අරගෙන එකිනෙකාට යවලා. ඒ කියන්නේ හරියට සම්බන්ධීකරණයක් නෑ.

වෙන එකක් තියා මෝටර් සයිකලේ පිපිරුණ අවස්ථාවේ ඒකවත් මට කිව්වේ නෑ. මෛත්‍රීපාල හෝ වෙන කවුරුවත් ඒක මට කියන්න එපා කියලා නැහැ. මෙතන තව ප්‍රශ්නයක් තිබුණා. ඒ සති අන්තය තමයි සිංහල අවුරුද්ද.පොලිසිය කොළඹින් පිට රාජකාරිවලට යොදවලා තිබුණා.

මේගොල්ල අතර එකමුතුවක් නැති බව අන්තිමට මම තේරුම් ගත්තා.කොහොම හරි අපි වැඩේට අත ගහලා සී.අයි.ඩී එකේ කරුණු අනෙක් අයටත් බෙදලා දීලා වැඩ කටයුතු ආරම්භ කළා.

මෙතන කොච්චර අවුලක් තිබුණාද කිව්වොත් එදා හවස රැස්වීම මම දැම්මේ ආරක්ෂක අමාත්‍යංශයේ නෙමෙයි B.M.I.C.H  එකේ හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ කාර්යාලයේ.මොකද C.D.S  විරුද්ධව කිසිම චාජ් එකක් තිබුණේ නෑ. ඒ වෙලාවේ අනිත් අයට විරුද්ධව විවිධ චෝදනා තිබුණා.අප මහනාහිමිවරුන්ට සහ කාදිනල් තුමාට කතා කර ඒ අංශවල වැඩකටයුතු සිද්ධ කළා. ආරක්ෂක ඇමති ලෙස රුවනුත් මේ සිද්ධිය කළමනාකරණය කිරීමේදී ලොකු කාර්යභාරයක් කළා. ”‍

“පොලිසිය දෙමටගොඩ මහවිල උද්‍යානයේ අදාළ නිවසට ගියා. දඹුල්ල හෝටලයකදී තවත් සැකකාරයෙක් අල්ලාගත්තා. අපි ඉස්සෙල්ලාම කොච්චිකඩේ පල්ලියට ගියා. ඒ ආසන්නයේ වෑන් එකක බෝම්බයකුත් තිබිලා. අපි ඒක දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ අපි කටුවාපිටියට ගියා.

පක්ෂ නායකයන් අරලියගහ මන්දිරයට කැඳවන ලෙස මා දැනුම් දුන්නා. අනුර, මහින්ද ඇතුළු නායකයන් එහි පැමිණ සිටියා. සිදුවීම ගැන අප එහිදී විස්තර කළා.

ඇමරිකන් ජාතිකයන්ද මේ ප්‍රහාරයෙන් මිය ගොස් සිටියා. මේ අනුව ඇමරිකා ආණ්ඩුවේ නියෝජිතයෙක් ද මා සමග සාකච්ඡා කළා. ඒ අයට අපේ අය සමග වැඩ කර වාර්තාවක් ලබාදෙන ලෙස මා දැනුම් දුන්නා. අපේ අය ඔක්කොම ඒ මොහොත වෙන විට බෙදිලා හිටියේ.

ඊට ආසන්න දිනකදී මගේ ජංගම දුරකථනයට ඇමරිකාවෙන් ඇමතුමක් ආවා. එහා පැත්තෙන් කතා කළේ ජනාධිපති ට්‍රම්ප්. අවශ්‍ය ඕනෑම සහායක් තිබේ නම් පවසන ලෙස ට්‍රම්ප් එහිදී කිව්වා.”

”‍ඔබ රටට මෙවැනි සිද්ධි පිළිබඳ විශේෂඥ දැනුමක් තිබෙනවා. ලංකාවේ විවිධ ආයතන තිබුණත්, සමහර වෙලාවට ඔවුන් අතර සම්බන්ධීකරණයක්, එකිනෙකා එකතු වී වැඩ කිරීමක් මේ මොහොතේ නැහැ. මට පුළුවන් අපේ අයට F.B.I.  ආයතනය සමඟ එකතු වී කටයුතු කරන්න කියා පවසන්න. මේ සිදුවීම සම්බන්ධයෙන් අප ඉදිරි විමර්ශනයක් කරන්න ඕන”‍ යනුවෙන් එහිදී මම ට්‍රම්ප්ට පැවසුවා. ට්‍රම්ප් ඊට එකඟතාව පළ කළා.

ඒ ඇමතුමෙන් පසු ට්‍රම්ප් තමන්ගේ එක්ස් ගිණුමේ කිරීමේ සටහනක් තබා තිබූයේ මේ ආකාරයටයි. ඒ 2019 අප්‍රේල් 22 පස්වරු 6.05 ටයි.

I spoke to Prime Minister Ranil Wickremesinghe of Sri Lanka this morning to assure him that the United States stands with you and your country in the fight against terrorism. I extend my condolences on behalf of the people of the United States and myself   යනුවෙන් ඒ සටහනේ සඳහන්ව තිබිණ.

(ත්‍රස්තවාදයට එරෙහි සටනේදී එක්සත් ජනපදය ලංකාව සමඟ සිටින බව දැනුම් දීමට අද උදෑසන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට කතා කළෙමි. මා සහ එක්සත් ජනපද ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරමි)

“මේ යන විදියට ට්‍රම්ප්ගෙන් වගේම මෝදිගෙනුත් සී.අයි. ඩී එකට කට උත්තර ගන්න වෙනවා”‍

රනිල් පාර්ලිමේන්තු කණ්ඩායමට විස්තර කළේ ඒ අනුව ඉදිරි වැඩ කටයුතු සිද්ධ වූ ආකාරයයි.

“එහෙම වැඩ කටයුතු කරලා තමයි මේ වාර්තාව ගෙනාවේ. කවුරුවත් ඒ වාර්තාව ප්‍රතික්ෂේප කළේ නෑ. පාර්ලිමේන්තු කමිටු ඇතුළු සියලු‍ කමිටු ආවේ මේ අනුවයි. මම සිටියදී තමයි චැනල් ෆෝ එක අදාළ විකාශය සිද්ධ කළේ. ඒ ගැන හොයන්න විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අපි කමිටුවක් පත් කළා. අවශ්‍ය සියලු‍ වාර්තා අප පල්ලියට ලබා දුන්නා. එෆ්.බී.අයි.රිපෝට් එක තමයි ප්‍රධාන එක.”

සිද්ධියට සලේගේ සම්බන්ධයක් තිබේ යැයි එම වාර්තාවල තිබුණා දැයි මෙහිදී හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න විමසීය.

“නෑ ඒ වාර්තාවල එහෙම සඳහනක් තිබුණේ නෑ” රනිල් කීය.

“එතකොට දැන් මේ උදවිය කියන්නේ ට්‍රම්ප් බොරුවක් කළා කියලා” දැයි රනිල් එහිදී ප්‍රශ්නයක් මතු කළේ හිතන්නට තවත් දෙයක් ඉතිරි කරමිනි.

“චැනල් 4 එක හමුදාවෙන් මිනිස්සු මැරුවා කියලත් කිව්ව නේද? ඒ අය බලන්නේ දෙමළ ඩයස්පෝරාව අල්ලගන්න”‍ වජිර පැවැසීය.

“දැන් මේ අය ට්‍රම්ප්ගෙනුත් ස්ටේට්මන්ට් එකත් ගන්න ද යන්නේ”‍ මාන්නප්පෙරුම විමසූයේ සභාවේ සිනාවක්ද මතු කරමිනි.

“මේ යන විදියට ට්‍රම්ප්ගෙන් වගේම මෝදිගෙනුත් සී.අයි. ඩී එකට කට උත්තර ගන්න වෙනවා”‍සුගීෂ්වර කීය.

ඒකාබද්ධ විපක්ෂය මහනුවර

ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර සම්මන්ත්‍රණය අතිසාර්ථක අයුරින් නිමාවට පත් විය. මල්වතු අස්ගිරිය මහා නා හිමිවරුන් බැහැ දැකීමෙන් එම වැඩසටහන ඇරඹිණ. එම වැඩසටහන සිදු කෙරුණේ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ජී.එල් පීරිස්ගේ ප්‍රධානත්වයෙනි.

රටේ ජනතාව විඳින දුක පිළිබඳව කරුණු ගෙනහැර දැක්වීම එම වැඩසටහනේ මූලික අභිප්‍රාය විය.

ශ්‍රී ලංකා ජනගහනයෙන් හතරෙන් එකක් දරිද්‍රතා මට්ටමට ලක්ව තිබෙන බවට ලෝක බැංකු වාර්තාවේ සඳහන්ව තිබෙන කාරණාව ද මෙහිදී අවධානයට ලක්විය. එමෙන්ම ලංකා ජනගහනයෙන් මිලියන හයකට දවසට එක් වරක්වත් පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමේ හැකියාවක් නැති බව ලෝක ආහාර සංවිධානයේ දත්ත කෙරෙහිද අවධානය යොමු විය.

”‍ලෝක බැංකුව සමඟ තිබෙන ගිවිසුමේ ප්‍රධාන කාරණය ජනතාවට සෙත සැලසීම බවද මෙහිදී කියැවිණ.මූල්‍ය අරමුදලෙන් ලැබෙන අරමුදල් නිසි අරමුණු සඳහා යෙදවෙනවාද යන්න විමසා බලන ලෙසට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂ නායකයන් විස්සකගේ පමණ අත්සන් රැගත් ලිපියක් මූල්‍ය අරමුදලට භාරදීම ද සිදු විය. 

”‍මූල්‍ය අරමුදල දෙන්නේ ආධාර නෙමෙයි. ඒ ණය මුදල් ගෙවන්න වෙන්නේ මේ ජනතාවට. යහපත් පාලනය මූල්‍ය අරමුදලේ එක් ප්‍රධාන අරමුණක්. ඒක නාම මාත්‍රයකට සීමා කරන්න බෑ. ක්‍රියාත්මක විය යුතුයි.ලැබෙන මුදල්වල ප්‍රයෝජනය ජනතාවට දිය යුතු යැයි ජී.එල් මහනුවරදී පැවසීය.

මහනුවර රැලිය සඳහා තරුණ නියෝජනය ඉතා හොඳින් දැකගත හැකි විය. ඒකාබද්ධ නායකයෝ අනුරාධ ජයරත්නගේ නිවසේ සංවිධාන කර තිබූ රාත්‍රිය ආහාරය සඳහා සෙනසුරාදා සහභාගී වූහ. ගම්පොළ ක්‍රියාකාරීහු ද ඒකාබද්ධ විපක්ෂ නායකයන් හමුවීමට එහි පැමිණ සිටියහ.

රාජ දූත