‘‘ජනපති බලයට එනවිට බලාපොරොත්තු වූ පරමාර්ථ සිව්වසරක් ගියත් ඉටුවී නෑ‘‘


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ) 
 
 ජනාධිපතිවරයා බලයට පැමිණ සිව්වැනි පදවි ප්‍රාප්තිය සැමරුව ද එදා බලාපොරොත්තු වූ උතුම් පරමාර්ථ මෙතෙක් ඉටු වී නැතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.

 
එම කාලය තුළ රටක් ලෙස ලෝකය දිනා ගැනීමට හැකි වුවත් ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් වැනි අයගේ ඝාතනවලට හා මිග් යානා ගනුදෙනුවලට වගකිවයුත්තන්ට දඬුවම්දීමට නොහැකි වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
එබැවින් ගතවූ කාලය දෙස ආපසු හැරී බැලීමේ දී හැට දෙලක්ෂයක ජනතා පැතුම් ඉටු නොවීම ගැන කණගාටුවක් දැනෙන බවද මන්ත්‍රීවරයා කීවේය.