(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )
රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන දයාන් ජයතිලක මහතා දේශපාලන ප්‍රචාරකයකු ලෙස කටයුතු කිරීම නිසා ඔහු අතින් පාර්ලිමේන්තු වරප්‍රසාද මෙන්ම තානාපති සේවයට අදාළ ගිවිසුමද කඩවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
දයාන් ජයතිලක මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයට පක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ටත් වඩා අදහස් දැක්වූ බවද බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
ඔහුට තානාපති තනතුර සමඟ දේශපාලනය කළ නොහැකි බව කී මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් පිළිබඳ කාරක සභාවේදී ද සාකච්ඡා කෙරුණු බව කීවේය.
ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් තමා ඉල්ලා සිටින බවද බිමල් රත්නායක මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද පැවැත්වෙන තානාපති වරප්‍රසාද පනත යටතේ නියෝග දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.
‘දයාන් ජයතිලක තානාපති සේවයට ගැළපෙන්නේ නැහැ’
Recommended Articles