ඩයලොග් ආසිආටා සමාගම අනාගතයට පෙර සූදානමක් සහිත පරපුරක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණික වැඩමුළුවක් පවත්වයි.


රටේ සමස්ත දරු පරපුරට සමාන ඉගෙනුම් අවස්ථා ලබාදීම වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටාපීඑල්සී සමාගම Magicbitසමඟ එක්ව  STEM (විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිතය) නම් අධ්‍යාපන මාධ්‍ය ඔස්සේ ‘Tech Workshop for Kids’ නමින් තාක්ෂණික වැඩමුළුවක් මහනුවර පිහිටි ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේදීපසුගියදා සංවිධාන කරන ලදී.

 

මෙම තාක්ෂණික වැඩමුළුව හරහා කන්ද උඩරට ප්‍රදේශයේ දරු දැරියන්ට programming, robotics සහ Internet of Things (IOT) වැනි වැදගත්කමකින් යුත් විෂයන් සම්බන්ධයෙන් දැනුම ලබාගැනීමට අවස්ථාව හිමිවිය.Magicbitසමාගම විසින් වයස අවුරුදු 8 සිට 18 දක්වා සිසුන්ට නවීන තාක්‍ෂණයන් සහ උසස් විශේෂාංග භාවිතයෙන් ඉගෙනීමට හා නවෝත්පාදනයට අවස්ථාව සලසා, දැරිය හැකි මිල ගණන් යටතේ නිර්මාණශීලිත්වය ඔප් නංවාගැනීමට අවස්ථාව සලසයි. Magicbitහරහා නවීන තාක්‍ෂණය සමඟ නවෝත්පාදනයපිළිබඳව ඉගෙනීමට ඇති දුෂ්කරතාවය, සංකීර්ණත්වය සහ අධික පිරිවැය යන ගැටලු නිරාකරණය කරගැනීමට නොමිලේ අන්තර්ගතයන් සපයන අතර භාවිතයට පහසු, වේගවත්ව ඉගෙනීමට හැකි ලාභදායී අධ්‍යාපන මෙවලම් සපයා තිබේ. එක්සත් ජනපදයේ නම් දැරූ STEM පර්යේෂණ සංවිධානයක් වන STEM.org විසින් දරුවන් සඳහා වැඩි දියුණු කරන ලද පිළිගත් STEM මෙවලමක් ලෙස  Magicbitසහතික කර ඇත.

 

මෙම වැඩමුළුව පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටාපීඑල්සීහි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිණීසැන්ඩ්‍රා ද සොයිසා මහත්මිය “‘අනාගතය අදයි’ යන අපේ තේමාව සැමවිටම යථාර්ථයක් බවට පත්කරන්න උත්සාහ කරන ඩයලොග් සමාගමේ අපට Magicbitසමඟ එක්වෙමින් අනාගත පරපුරට තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව සහ ඊට සුදුසු උපාංවලින්ඔවුන්වසවිබලගැන්වීමටහැකිවීම ගැන අපි සතුටු වෙනවා. ඒ සමඟින් ඉගෙනීම සහ සංවර්ධනය වේගවත් කිරීම සඳහා දරුවන්ට STEM විෂයමාලාව තුළ ඔවුන්ගේ ආශාවන් සඵල කරගන්නට හැකි වෙනවා. තාක්‍ෂණය අපගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වී තිබෙන නිසා තාක්ෂණය හරහා සෑම සිසුවෙකුටම අධ්‍යාපනයට සමාන ප්‍රවේශයක් ලබාදෙන්න හැකි බව අපි විශ්වාස කරනවා.Dialog සහ Magicbitහවුල්කාරිත්වය නිසා අපේ සිසුන්ට ඩිජිටල් ලෝකයේ සාර්ථකවීමට අවශ්‍ය දැනුම සහ කුසලතා වැඩි දියුණු කරගැනීමට  මංපෙත් විවර වෙනවා.”

 

“Magicbitසමාගමට ඩයලොග් සමඟ හවුල් වෙලා රට පුරා සිටින ශිෂ්‍ය ප්‍රජාවට නවෝත්පාදනය පිළිබඳ දැනුම ලබාදෙන්න හැකියාව ලැබුණු එක ඇත්තෙන්ම සතුටට කරුණක්. මෙය ලෝකයේ අති නවීන තාක්ෂණය වෙත ශ්‍රී ලාංකේය දරුවන්ට ප්‍රවේශවීමට අවස්ථාව දෙන විශිෂ්ට පියවරක් බව අපට විශ්වාසයි.” යනුවෙන් Magicbitsපුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීමිගාරඅමිතෝධන මහතා සඳහන් කළේය.

 

රුපියල් 2,950 සිට ඉහළට මිලදීගත හැකි Magicbit - STEM කට්ටල Dialog ICONIC, Modern Arcade, නුගේගොඩ, මීගමුව, මහනුවර, යාපනය, සහ ගාල්ලේ පිහිටි ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලින් මෙන්ම https://www.dialog.lk/stemkit-accessories හරහා ද මිලදීගතහැකීයි.

 

ඡායාරූපයේ වමේ සිට දකුණට: අමිල ඩී.යූ.බණ්ඩාර - සහකාර කළමනාකාර- උපාංග කළමනාකරණ - ජංගම විදුලි සංදේශ සේවා, ප්‍රකාශ්සින්නයියා - උපාංග ව්‍යාපාර පිළිබඳ ප්‍රධානී - ජංගම විදුලි සංදේශ සේවා, අයෝමාල් ගුණසේකර - ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී - සමූහ Loyalty සහ උපාංග ව්‍යාපාර - ජංගම විදුලි සංදේශ සේවා, මිගාර අමිතෝධන - ප්‍රධාන විධායක නිලධාරී හා සම නිර්මාතෘ Magicbits (PVT) අනුරුද්ධ තෙන්නකෝන් - ප්‍රධාන තාක්ෂණ නිලධාරී හා සම නිර්මාතෘ Magicbits (PVT).