Domino’s Sri Lanka සිය 37 වන අලෙවිසැල මාතරදී විවෘත කරයි


ලොව ප්‍රමුඛතම pizza ජාලය වන Domino’s Pizza  සිය ප්‍රියතම රසය ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරය වෙතද ගෙන යමින් එහි 37 වැනි අලෙවිසැල පසුගියදා මාතර නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. 

මෙම නවතම අලෙවිසැල විවෘත කිරීමත් සමඟ මාතර ජනතාවට Domino’sහි රසවත් pizza, sides, pasta", අතුරුපස හා පාන වර්ග මෙන්ම අසමසම පාරිභෝගික සේවාවක් සහ සත්කාරයක් භුක්ති විඳීමේ අවස්ථාව උදා වේ. එමෙන්ම මේ සියලු දේ අලෙවිසැල තුළ සිටම රස විඳීමට, රැගෙන යාමට මෙන්ම නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම ඇතුළු එදිනෙදා ආහාර රැසක් රස විඳීමේ අගනා අවස්ථාවද ඔවුන්ට මේ තුළින් උදා කර ගැනීමට හැකි වේ.  මෙම නවතම අලෙවිසැල විවෘත කිරීමේ අවස්ථාවට Domino’sහි නායකත්ව කණ්ඩායම හා ප්‍රධාන පාර්ශ්වකරුවන් එක්ව සිටියහ. 

ශ්‍රී ලංකාව පුරා මෙන්ම ලොව පුරා සිය ආක්‍රමණශීලී ව්‍යාප්තිය වෙනුවෙන් වන උපාය මාර්ගික ගමනේ තවත් සුවිශේෂී සංධිස්ථානක් සාර්ථකව සනිටුහන් කිරීමට Domino’s සන්නාමයට හැකි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Domino’s Pizza Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී ඉරංග ධර්මවර්ධන මහතා “දිවයින පුරා ව්‍යාප්තව පවතින අති සාර්ථක අවන්හල් ජාලයත් සමඟ අපගේ ශක්තිමත් උපාය මාර්ගය අඛණ්ඩව සාර්ථක ප්‍රතිඵල ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. ඒ තුළින් නව රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීමට මෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් දැයකත්වය ලබා දෙන අප ලෝ ප්‍රකට හා ජනතාව ප්‍රිය කරන Domino’s රසය දැරිය හැකි මිලකට සියලු ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට අප අඛණ්ඩව කටයුතු කරන බව මේ මොහොතේ සඳහන් කළ යුතුයි. Domino’s වෙළෙඳ නාමය කෙරෙහි ශ්‍රී ලාංකේය ජනතාවගේ ලැදියාව සම්බන්ධයෙන් අපගේ ස්තුතිය පළ කර සිටින අතරම අපගේ 37 වන අලෙවිසැල විවෘත කරමින් ඔවුන් සියලු දෙනා පිළිගැනීමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පවසා සිටින ලදී.

සිය උපාය මාර්ගයන් සාර්ථක කර ගැනීමට සමත්ව ඇති Domino’s දිවයින පුරා සුවිසල් පාරිභෝගික ප්‍රජාවක් වෙනුවෙන් විශිෂ්ට ආහාර වේලක් ලබා ගැනීමේ අවකාශ සලසා දී ඇත.

දිනපතා පිරිනමනු ලබන විශේෂ දීමනා තුළින් රුපියල් 1500ක් දක්වා ඉතිරියක් මෙන්ම තවත් බොහෝ ප්‍රතිලාභ සිය පාරිභෝගිකයින් වෙත හිමි කර දෙන Domino’s Pizzaතමන් කැමතිම Pizzaපහසුවෙන් රස විඳීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත ලබා දීම වෙනුවෙන් තව තවත් නව අලෙවිසැල් දිවයින පුරා පිහිටුවීමට ඉදිරියේදීද කටයුතු කරනු ඇත. රුපියල් 399 සිට හඳුන්වාදී ඇති ශ්‍රී ලංකාවේ ප්‍රියතම Pizza Mania දැන් නවතම රස 7කින් ලබා ගැනීමේ හැකියාවද ඒ තුළින් උදා කර දී තිබේ.

එසේම ඇදහිය නොහැකි  sides සහ පාන වර්ගයන් රැසක් සමඟින් උණුසුම්, නැවුම් හා රසවත් Pizza රස විඳීමට කැමති ශ්‍රී ලාංකේය Pizza ලෝලීන් හට Play Storeසහ App Storeහි  Domino’s Pizzaයෙදුම (app) හරහා https://play.google.com/store/apps/details?id=com.dominos.srilanka&hl=en&gl=USවෙත පිවිසීමෙන් අන්තර්ජාලය ඔස්සේ Domino’s Pizzaනිවසටම ලබා ගැනීම සඳහා පහසුවෙන් ඇණවුම් කළ හැකිය. එසේත් නොමැති නම් https://m.dominoslk.com/වෙබ් අඩවිය තුළින් හෝ 011 7777 888 ඇමතීමෙන් ද එම සේවාවන් සළසා ගත හැකිය.

1960 වසරේදී ආරම්භ කරන ලද Domino’s Pizzaයනු ලොව විශාලතම  Pizzaසමාගමයි. බෙදා හැරීම හා රැගෙන යාම යන දෙඅංශය තුළම සැළකිය යුතු ව්‍යාපාරයක් වන එය රටවල් 90 ක වෙළෙඳසැල් 18,300කට වඩා වැඩි ගෝලීය ව්‍යාපාර ජාලයක් සහිත ලොව ඉහළම ප්‍රසිද්ධ අවන්හල් සන්නාම අතර ප්‍රමුඛස්ථානයක් හිමිකර ගෙන සිටී. 2020 වසරේදී ඩොලර් බිලියන 16.1කට වැඩි ගෝලීය සිල්ලර විකිණුම් ප්‍රමාණයකට හිමිකම් කියන Domino’s Pizzaහි ආදායම ඇමරිකා එක්සත් ජනපදය තුළ ඩොලර් බිලියන 8.3කට ආසන්න වූ අතර ජාත්‍යන්තර වශයෙන් ඩොලර් බිලියන 7.8කට වඩා වැඩි විය. Domino’s Pizza Sri Lanka සමාගම එහි ප්‍රධාන අයිතිය හිමි Jubilant Foodworks Lanka (Pvt.) Ltdයටතේ ක්‍රියාත්මක වේ.

Jubilant Foodworks Lanka (Pvt.) Ltdයනු ඉන්දියාවේ විශාලතම ආහාර සේවා සමාගම වන Jubilant Bhartia Group ysJubilant FoodWorks Limitedයටතේ අනුබද්ධිත ආයතනයකි.Domino's Pizza, Dunkin' Donutsසහ Popeyes® යන ජාත්‍යන්තර සන්නාමයන්හි විවිධ ආහාර වෙළෙඳපොල කොටස් තුනක පරම අයිතිය සහිත සමාගම වන එයට ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල්හි Domino's Pizzaආපනශාලා ඇති කිරීමට මෙන්ම පවත්වාගෙන යාමට තනි අයිතිය හිමිව ඇත. 1996 වසරේදී දිල්ලියේ ප්‍රථම Domino's Pizzaඅවන්හල විවෘත කළ ඔවුන් ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත Domino'sවෙළෙඳනාමය සඳහා වන විශාලතම හිමිකරු වන අතර දැනට එය ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ අනුබද්ධ සමාගම් හරහා ක්‍රියාත්මක වේ.

 

Domino'sමාතර කණ්ඩායම විසින් උත්සවාකාරයෙන් අලෙවිසැල විවෘත කරන අවස්ථාව