දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ  සහ දෙනගම යසන්ත ආරියසේන)

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය

මිය යන විට ඒ මහතා වයස අවුරුදු 62 කි,

ගාල්ල, මාතර, හම්බන්තොට හා වවුනියාව දිසාපති වශයෙන්ද, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් සහ රජයේ විවිධ තනතුරු රැසක් දරා ඇති ඒ මහතා දෙදරු පියකි.

ඒ මහතා දින කීපයකට ඉහතදී බස්නාහිර ආණ්ඩුකාර තනතුරේ වැඩ බැලීමේ ද නිරත විය.

දේහය අද ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමට නියමිත අතර හෙට ගාල්ල ආණ්ඩුකාර නිල නිවස වෙත රැගෙන යාමට නියමිතය.

ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති හා ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි.