’’මැණිකේ’’ ලියූ දුලාන්ගෙන් ‌’’ඩ්‍රාමා ක්වීන්’’


ඩ‍්‍රාමා ක්වීන් කාලයෙන් කාලයට අලූත් ගීත සංගීත කරළියේ රැව් දෙයි. බැස යයි. පසුගිය කාලයේ ලංකාවේ සේම විදෙස් රටවලද පිළිරැව් දුන් මැණිකේ මගේ හිතේ ගීතය රචනා කළ දුලාන් ඒ.ආර්.එක්ස් ගේ නවතම ගීතය ඩ‍්‍රාමා ක්වීන්  මේ දිනවල යූ ටියුබ් අවකාශයේ ඉමහත් ජනප‍්‍රියත්වයට පත් ගීතයක් බවට පත්ව තිබේ.

දුලාන් මේ වන විට නිර්මාණය කර තිබෙන ගීත සියල්ලම ඉමහත් ජනප‍්‍රියත්වයට පත්වීමෙන්ම දුලාන්ගේ දක්ෂතාව වටහා ගත හැකිය.

දුලාන්ගේ  ඩ‍්‍රාමා ක්වීන්  ගීතයේ ගායනය මෙන්ම පද රචනය ඔහුගේය. එහි රූප රචනයට මෙන්ම ගායනයටද ජනප‍්‍රිය නිළි යුරේනි නොෂිකා එක්ව සිටින්නීය.

ඇගේ ශුංගාරාත්මක රංගන විලාසය මෙන්ම ආකර්ෂණීය ගායනයද  ඩ‍්‍රාමා ක්වීන්  රූප රචනයේ සාර්ථකත්වයට ඉවහල් වී තිබේ.

පිරිමි ළමයකු රවටන තරණියක් පිළිබඳ මෙම ගීතයෙන් කියැවේ. ත‍්‍රිකුණාමලයේ දින දෙකක් පුරා 40 දෙනකුගේ කණ්ඩායමක් සමඟින් මිලියන තුනක් වියදමින්  ඩ‍්‍රාමා ක්වීන්   ගීතය නිර්මාණය කර තිබේ. මේ වන විට ගීතයට ලැබෙන ප‍්‍රතිචාර බහුතරයක් සුබවාදී බව දුලාන් කියයි.