’’දිට්වා ’’සුළි කුණාටුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ 174,255 කට බලපෑම්


 

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 නොවැම්බර් 26 වෙනිදින සිට දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක පවුල් 40740 ක පුද්ගලයින් 174255 ක් බලපෑමට ලක්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න මහතා පැවසීය

එයින් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 42 ක පදිංචි පවුල් 27704  අයත්  පුද්ගලයන් 121018 කය

කොලොන්නාව හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනකු මිය ගොස්  ඇති අතර නිවාස 4 කට පූර්ණ හානි සිදුවීම් නිවාස 973 අර්ධ හානි සිදුව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා කීය 

සුළි කුනාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය පුරා පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන 97 ක  කුඩා දරුවන් 2531ක් ඇතුළු පුද්ගලයින් 17222 නවාතැන් පහසුකම් සපයා ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය

වැඩිම සුරක්ෂිත මධ්‍යස්ථාන ප්‍රමාණයක් වන 26 ක් පිහිටුවා ඇත්තේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේය.