’’ජිනීවා ගිය දෙන්නගෙ බේබදුකම නිසා වැඩේ කරගන්න බැරිවෙලා’’


(අංජුල මහික වීරරත්න)

ජිනීවා මානව හිමිකම් සමුළුවට ගිය සජබෙ මන්ත්‍රීවරුන් දෙදෙනා කලින් දා රෑ හොඳටම මත්පැන් බී පහුවදා නියමිත වේලාවට සමුළුවට යන්නට නොහැකි වී ඇතැයි එක්සත්  ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙය ලංකාවට සිදු වූ  අපකීර්තියක් බව පැවසූ එජාප මහලේකම්වරයා විනයක් නැති බේබද්දන් ජිනීවා යවා රට අපහසුතාවයට පත් නොකරන්නැයි ඉල්ලා සිටින බවද කීය.

කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනකු මෙලෙස ජිනීවා මානව හිමිකම් කොමිසමට ගොස් ඇති බව කී රංගේ බණ්ඩාර මහතා ඔවුන්ගෙ බේබදුකම නිසා රට ගැන කියන්නට ගිය කේලම් ටිකවත් හරියට කියාගන්නට නොහැකි වී ඇති බව ද සඳහන් කළේය.

මෙවැනි වගකීමක් නැති මිනිසුන් සිටින පක්ෂයකට රට ගියොත් වන අබග්ගය සිතා ගැනීමටවත් නොහැකි වන බව  එජාප මහ ලේකම්වරයා කීය.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය  හමුවේදී එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසීය.