
(ඩයනා උදයංගනී)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ස්වයං ලිඛිත චරිතාපදානය 'චන්ද්‍රිකා' කෘතිය දොරට වැඩුම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (14) සිදුකෙරිණි.
තරිඳු තොටවත්ත මහතා රචනා කර ඇති එම කෘතිය සරසවි ප්‍රකාශනයකි.
හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය මෙහි ප්‍රධාන දෙසුම පැවැත්වූවාය.
හිටපු කතානායක කරු ජයසූරිය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප: ලහිරු හර්ෂණ)






