’’225ම අපතයන් වෙලා’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ තුන් හතර දෙනෙක් සපයන විහිළු නිසා 225ම අපතයන් බවට පත්වෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාත්‍යන්තර යෝගා දිනයේදී මැති ඇමතිවරු ටිකක් පිට්ටනියට බැස යෝගා අභ්‍යාසවල යෙදෙන අයුරු දුටු බව කී ඉඳුනිල් මහතා පිටිපස්සෙන් ආරක්ෂක නිලධාරීන් මැති ඇමතිවරුන්ට කුඩ ඉහලාගෙන හිටි බවත් පාර්ලිමේන්තුවේ  සියලුම දෙනා අපකීර්තියකට ලක්ව සිටින මොහොතේ මෙි කරන්නේ මොන විහිළුවක් දැයි ප්‍රශ්න කළේය.

සෙලෝලයිඩ් බෝනික්කෝ වගේ ඉන්න කීපදෙනෙක් නිසා සියලුම මන්ත්‍රීවරුන් අපහාස විඳින බවද තුෂාර ඉඳුනිල්  මහතා සඳහන් කළේය.