සුජිත් හේවාජූලිගේ
අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ජයසේකර මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදීය.
දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.
“අප ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිගන්නවා. ඒ තීන්දුව අනුව අපට ඉදිරියේදී කටයුතු කරන්න වෙනවා. මේ ක්‍රියාදාමය තුළ මැතිවරණ අහෝසි වෙනවා. තවත් අධිකරණ තීන්දුවක් හෙට එනවා. ඉන්පසුව අවශ්‍ය තීන්දු තීරණවලට ගමන් කරාවි.”